සුසන්ත අමරබන්දු –
- මරණයෙන් දින 02කට පසු දියණියට කොවිඩ්
- කාන්තාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරු 02කට හා හෙද කාර්ය මණ්ඩලය 02කටත් කොවිඩ් ආසාදනය වෙලා.
- රෝහලේ බාහිර රෝගී අංශය වසා දමලා…
පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකර වළ දැමූ කොවිඩ් ආසාදිත යැයි සැක සහිත කාන්තාවක් නිසා කල්මුණේ අෂ්රොෆ් රෝහලේ වෛද්‍යවරියක් හා වෛද්‍යවරයෙක් සමග හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් වී ඇතැයි අෂ්රොෆ් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
පොතුවිල පදිංචි කාන්තාවක් පසුගිය මස 20 දා සිට ගතවූ 04 දක්වා කල්මුණේ අෂ්රෝෆ් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ඇත. කාන්තාව පසුගිය 04 වැනිදා රෝහලේ දීම ජීවිතක්ෂයට පත් වී තිබේ. එහිදී නිශ්චිත නිරෝධානය පිළිවෙත් නොතකා, පී.සී.ආර් පරීක්ෂණයකට සිරුර ලක් නොකර මුදා හැර ඇති බව හෙළි වී ඇත. සිරුර භූමිදාන කර තිබේ.
ඊට දින කිපයකට පසු මිය ගිය කාන්තාව ගේ 22 හැවිරිදි දියණියට උණ රෝගය වැළඳී ඇත. ඇය පුද්ගලික වෛද්‍යවරයෙක් වෙත ප්‍රතිකා ගැනීමට යොමු වුණු විට වෛද්‍යවරයා ඇයව පොතුවිල රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කර තිබේ. එහිදී සිදු කරනු ලැබූ රැපික් ඇන්ටිජන් පරීක්ෂාවෙන් මෙම තරුණියට කොවිඩි ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මේ ඔස්සේ සොයගෙන යෑමේ දී ඇයට කොවිඩ් ආසාදනය වන්නට ඇත්තේ මිය ගිය කාන්තාවගෙන් බවට සැක පහළ වී තිබේ. වෛද්‍යවරුන් දෙදෙනා හා හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනා ට රෝගය බෝ වුණ ආකාරය පිළිබඳ සොයාගෙන යෑමේ දී සැකය ඇති වී තිබුණේ මිය ගිය කාන්තාව පිළිබඳවය.
මේ වනවිට ඇය මිය ගොස් ඇත්තේ කොවිඩ් ආසාදනයෙන්ය යන උපකල්පනය මත අවසන් අවස්ථාවේ දී ඇයත්, ඇයගේ දියණියත් ඇසුර කළ පවුල් 14ක් නිරෝධානයට ලක් කර තිබේ. ආසාදිත තරුණිය කරදියනාරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
මේ වනවිට කල්මුණේ අෂ්රොෆ් රෝහලේ බාහිර රොගී අංශය වසා දමා තිබේ.