රටේ පවතින තත්වය තුළ කොවිඩ් ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් හා ඒ ආශ්‍රිතයන් කිසිවෙකුට නැවත දැනුම් දෙන තුරු දළදා මන්දිරයට ඇතුළුවීම අත්හිටුවා ඇති බව දියවඩන නිළමේවරයා නිවේදනය කරයි.
මාළිගාව වන්දනා කිරීමට පැමිණෙන සියලු දෙනාම අනිවාර්යයෙන් සිය හැඳුනුම්ප රැගෙන ආ යුතු බවත්, නියමිත සෞඛ්‍ය නිර්නායක පිළිපැදීම අනිවාර්ය බවත් තව දුරටත් එම නිවේදනයේ දැක්වේ.