බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැති ලෙඩක් නැතිලු…    හොඳටම බය හිතෙන රනිල්ගේ  සෞඛ්‍යය ගැන අධිකරණයේ දී හෙළි වුන කතාව…

by editor
අගෝස්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • නිදාගනිද්දි බිරිය විසින් ඔහුට යන්ත්‍රයක් සවි කළ යුතුයි ලු… ලෙඩ ගොඩාක් තිබුණත් එළියට පෙනෙන්නෙත් නැතිලු…  ඔහු ලෙඩ  ගනන් ගන්නේ නැති නිසා වෛද්‍ය අධීක්ෂණ යටතේ නිතරම ඉන්නවලු…

නින්දේ දි හුස්ම හිරවීමේ රෝගයකින් පෙළෙන රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නින්දේ දී යන්ත්‍රයකට සවි කළ යුතු බවත්, එම යන්ත්‍රය ක්‍රියාකාරවීමට දැනුම්වත්ව ඇත්තේ ඔහුගේ බිරිය පමණක් බවත්  රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහගේ රෝගී තත්ත්වයේ බරපතලකම ගැන පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥවරයා පැවසුවේ තිබිය හැකි සෑම රෝගයක්ම සිය සේවාදායකයාට ඇති බවය.

ස්වාමීනි. මගේ සේවාදායකයාගේ හෘදය වස්තුවේ ප්‍රධාන ධමනි තුනක්ම අවහිරයි. මොහුට සැත්කමක් කරන්න බෑ. මොහ් නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයකින් පසු වෙනවා. මොහු නින්දේදී හුස්ම සිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙනවා. මේ තත්ත්වය මත මැෂින් එකක මොහු නිදා ගැනීමේ දී සම්බන්ධ කරනවා.ක එය ක්‍රියා කරවන්න දන්නේ මොහුගේ බිරිය විතරයි. බැර වෙලාවත් මැෂින් එක නැති වුණොත් හෘදය නවතිනවා.

ඒ වගේම ස්වාමීනි ශරීරයේ සෝඩියම් අඩු තත්ත්වයක් මතුව තිබෙනවා. පෙනහළු ආසාදිතයි. මොහුගේ අග්න්‍යාශයේ උඩ කොටසේ ද ආසාදන තත්ත්වයක් තිබෙනවා. මේ රෝගී තත්ත්වයන් නිසා ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වෙලා. මේ තත්ත්වය නිසා මොහුට ක්ෂණිකව හෘදයාබාධයක් පැමිණීමේ අවදානමක් තිබෙනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කොච්චර රෝග තිබුණත් මොහුගේ ශරීරයෙන් එය පෙන්වන්නේ නෑ. ස්වාමීනි. කෙටියෙන් කියනවා නම් මොහුට තියන්නේ ඕන ලෙඩ ඔක්කොම තියනවා. මගේ සේවාදායකයා හැබැයි ලෙඩ ගණන් ගන්නේ නෑ. වෛද්‍යවරු ඒ නිසා නිර්දේශ කරලා තියනවා මොහු සමීප වෙද්‍ය නිර්දේශ යටතේ ඉන්න ඕන කියලා.

මේ තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා මගේ සේවා දායකයා ඇප මත මුදා හරින්න කියලා ඉල්ලා සිටිනවා.

ඒ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඊට විරෝධය දැක්වූයේය.

ස්වාමීනි. මේ කියන විදිහට මේ සැකකරුට නව අනූවක් ව්‍යාධි තියනවා. එහෙම තියෙද්දි ඔච්චර දේශපාලනඥයො බලන්න යන්නේ. ජාතික රෝහලෙන් ඔය කියන ලෙඩ ගැන වාර්තාවක් එවලා නෑ. ඔය කිව්ව රෝගවලට ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්න බෑ කියලා කිව්වේත් නෑ. ඉදිරිපත් කරපු වෛද්‍ය වාර්තා බහුතරයක් ඊයේ ගත් ඒවා. රිමාන්ඩ් කරපුවමද ලෙඩ දැනගත්තේ .

මේ සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණය තුළින් පත් කරන ලද විධිමත් වෛද්‍ය මණ්ඩලයක් හරහා වාර්තා කැඳවිය යුතුයි. මේක අපරාධ නඩුවක්. මහජන සුබසාධක   නඩුවක් නෙමෙයි. නීතිඥවරු මාරු වුනාට මොවුන්ගේ ස්ථාවරය කරුණු වෙනස් වීමක් වෙලා නෑ. පෙර දින ඉදිරිපත් කළ කරුණු තමයි අදත් ඉදිරිපත් කළේ. ඇප ලබා දීමට සුවිශේෂී කරුණු කිසිවක් නෑ. එම නිසා සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ වෙනවා ස්වාමීනි.

මෙම කරුණු දැක්වීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් නුළුපුලී ලංකාපුර  සිය ඇප ලබාදීමේ නියෝගය ප්‍රකාශයට පත් කළාය.  ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත  මුදා හරින ලෙස මුදා හරින ලෙස නියෝග කළේය.

අධිකරණ නියෝගය ලබා දීමෙන් පසු බන්ධනාගාර නිලධාරින් ඇතුළු පිරිසක් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරය ඇප මත මුදා හැරීමට අවශ්‍ය පරිපාලන කටයුතු සිදුකළේය. හිටපු ජනාධිපතිවරයාගේ පරිපාලන කාර්යාලය නිවේදනය කළේ ඔහු තව දින කීපයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගැනීමට සලස්වන බවය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සියලු පාර්ශවයන් ඇමතීමට සුදානම් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය හේතු මත සානුකම්පිකව සලකා බලා අධිකරණය රනිල්ට ඇප දෙයි!

Next Post

සජිත් පස් වැනි වතාවටත් රනිල් බලන්න ගොස් පැමිණ මැද මාවතක් ගැන කියයි… නව සන්ධානයක් ගැන තලතා හෙළි කරයි… එජාප සහ සජබ එක් වූ බවට කාවින්දගෙන් ප්‍රකාශයක්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.