නාවික හමුදාව හලයි… ගාල්ලේ OBST අවි මෙහෙයුම රක්නා ලංකා සහ ඇවන්ට්ගාඩ්ට භාර දෙයි

නාවික හමුදාව විසින් ගාල්ලේ පවත්වාගෙන ගිය වානිජ නෞකාවලට ආරක්ෂාව සපයන සේවාවන්ට අවි ආයුධ සපයන ගබඩාව ලබන 15 වැනිදා සිට රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට් ගාඩ් ඒකාබද්ධ ව්‍යාපාරය වෙත ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය නාවික හමුදාව වෙත දන්වා තිබේ.

avant garde ඒ අනුව ගාල්ලේ පිහිටි නාවික හමුදාවේ ඊට අදාල අවි ගබඩාව රක්නා ලංකා අවන්ට්ගාඩ් ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පවරා දීමට කටයුතු යොදා ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අවි ගබඩාවේ පවතින සියලුම අවි ආයුධ , පතරොම් සහ අදාළ සියලුම උපකරණ ලබන 15 වැනිදා (අනිද්දා ) වනවිට රක්නා ලංකා සහ ඇවන්ට් ගාඩ් සමාගම් නියෝජිතන් වෙත භාර දෙන ලෙසටද දන්වා ඇති බව සඳහන් ය.


වානිජ නෞකාවලට මුහුදු කොල්ලකරුවන් සහ ජාවාරම්කරුවන්ගෙන් ඇතිවන තර්ජන හේතුවෙන් එම නෞකාවලට ආරක්ෂාව සැපයීමේ කටයුත්ත ට අදාළ අවි සහ ආම්පන්න ලබා දීම ගාල්ලේ පිහිටි මෙම OBST (On Board Security Teams) නම් නාවික ඒකකය මඟින් පවත්වාගෙන ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කටයුත්ත මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් නාවික හමුදාව හරහා රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලැබුණි.

Exit mobile version