ජයලාල් බමුණුආරච්චි –
බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙ වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස තුෂාර උපුල්දෙණිය පත් කර තිබේ. හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මාරු කර යැවීමට අද තීරණය කර තිබිණි. ඔහු බන්ධනාගාර සේවය හරහාම පැමිණ මෙම තනතුරට පත්වන නිලධාරියෙකි.
අකාර්යක්ෂම පාලනය, අනුරාධපුර, මීගමුව හා වාරියපොල බන්ධනාගාරවල සිදුවූ සිදුවීම් පිළිබඳව පිළිගත හැකි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්වීම ඇතුළු කරණු ගනනාවක් මේ තනතුරු මාරුවට හේතු වූ බව වාර්තා වේ.