ආණඩු පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න රණතුංගත්, සභානායකවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්තත් පත් කර ඇති බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.
හටපු සභානායක දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හිස් වු සභා නායක ධුරයට සුසිල් ප්‍රේමජයන්ත පත් කර තිබිණි.
ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වී සිටිය දී පොහොට්ටු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණ තමනට හිමි වී තිබූ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන්ද නෙරපා දැමූ පුද්ගලයාය.
හදිසි නීති විවාදය මේ පැවැත්වීම සඳහා අද පාර්ලිමේන්තුව රැස් කෙරිනි.