ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා සූදානමක් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ඔහු නායකත්වයෙන් සමු ගෙන නව නායකයෙක් වෙත අවස්ථාව ලබා දිය යුතු බවට අවස්ථා ගණනක දී ප්‍රකාශ කර තිබුනේ මෙම නව ජීවිත සැලසුම ප්‍රමුක කරගෙන බව වාර්තා වේ.
දැනට සිය විවාහයෙන් වෙන් වී සිටින දිමුත් නව ජීවිතය සඳහා ඔස්ට්‍රේලියාව තෝරාගෙන ඇති බවත් එහි පදිංචියට යෑමේ අනාගත සැලසුමක් ඇති බවත් දැනගන්නට ඇත.
මේ වනවිට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඉතාම ඉහළ වෘත්තීයබවකින් යුතුව මෙහෙයවමින් ආරම්භක පිතිකරුවෙක් ලෙස ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් අතර රැඳී සිටින දිමුත් මේ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපරිම දක්ෂතා පෙන්වමින් සිටින පිතිකරුවෙකි. මේ වනවිට ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය අවසන් ටෙස්ට් ඉනිම දෙකේම ශතක වාර්තා කර ඇත.
ඔහු ටෙස්ට් තරග 86ක, ඉනිම 164ක් තුළ ලකුණු 6524ක් රැස් කරගෙන ඇත්තේ ශතක 16ක් සහ අර්ධ ශතක 34ක් සමගිනි. දිමුත්ගේ පිතිකරණ සාමාන්‍යය 41.29කි.