නව කැබිනට් මණ්ඩලය පත් කිරීම හා ජනාධිපති ගෝඨාභයගේ ක්‍රියාකාලාපයට විරෝධය පලකරමින් පසුගිය ආණ්ඩුවේ සිටි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු රැසක් අද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සූදානම් බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
ඇමතිකම් බෙදා දුන් ආකාරය හා ඒ පිළිබඳ තීන්දු තීරණ ගෙන තිබෙන්නේ බරපතල ගැටලු මතුකරන ආකාරයට බව ජ්‍යෙෂ්ඨයින්ගේ මතය වී තිබේ.
පසුගිය ඇමති මණ්ඩලයේ සිටි ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට ඇමති ධුර නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් එහි සිටි කීප දෙනෙකුට එම තීන්දුව බලපා නැති බව ඇමති මණ්ඩල නියෝජනයෙන් පැහැදිලි වන බවත් ඔවුහු කියති.
මේ අනුව ජ්‍යෙෂ්ඨයින් පත්නොකිරීමට තීරණයක් ගත්තානම් එය හැමටම පොදු විය යුතු වුවත් පසුව එම තීරණය වෙනස් කළේ කුමක් සඳහාදැයි ඔවුහු ප්‍රශ්න කරති.
එමෙන්ම රටේ උද්ගතව ඇති අර්බුදය මේ තුළින් තවත් වැඩිවෙනවා විනා ඒ කිසිවකට නව ඇමති මණ්ඩලය පත් කිරීම විසඳුමක් නොවන බව පසුගිය ආණ්ඩුවේ සිටි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පවසති.