බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවාතැන් නෑ… ඇසළ පෙරහරේ එකම කාන්තා නර්තන කණ්ඩායමට ගැටලුවක්…

by editor
ජූලි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කාන්තාවන් සහභාගීවන එකම අවස්ථාව වන පත්තිනි දේවාල පෙරහරේ ශිල්පීන්ට නවාතැන් සැපයීමට නොහැකිවීම නිසා අවුල් සහගත තත්වයක් ඇති වී තිබෙන බව අද පැවති පෙරහර කමිටුවේ දී හෙළිදරවු වූයේය.

මේ තත්වය උද්ගතවී ඇත්තේ මේ තාක් මෙම පෙරහරට සහභාගීවන නර්තන ශිල්පිනියන් වෙනුවෙන් නවාතැන් සැපයූ පැරණි ලක්සල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරගැනීමට නොහැකි වීමත් පවතින කොවිඩ් වසංගත තත්වය මත වෙනත් නවාතැන් ස්ථානයක් සපයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතවීමත් නිසා බව පැවසිනි.

පත්තිනි දේවාලයේ නර්තන කණ්ඩායම් සඳහා සහභාගි වන කලා ශිල්පිනියන්ට පෙරහරින් පසුව නවාතැන් පහසුකම් ලබා දෙන පැරණි ලක්සල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය හා පත්තිනි දේවාල පරිපාලනය අතර ඇති වී තිබෙන ගැටුමක් හේතුවෙන් සැලසුම් කළ පිරිදි එම ප්‍රතිසංස්කරණ නිමා කිරීමට නොහැකි වීම නිසා මේ ගැටලුවට උද්ගත වී ඇතැයි පෙරහර කමිටුවේ දී හෙළි වී ඇත.

Old-Laksala-Bulding
පැරණී ලක්සල ගොඩනැගිල්ල…

දෙදහස් විස්සේ දෙසැම්බර් මස එම ගොඩනැගිල්ලේ සිවිලිම කඩා වැටී තිබේ. පෙරහර කමිටුවේ සාකච්ඡාවේ දී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේවන හේමන්ත බණ්ඩාර කියා සිටියේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලිඛිත අවසරය ලැබී තිබුණද , ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් යන අවස්ථාවේ පුරා විද්‍යා බලධාරින් පැමිණ වාචිකව එම කටයුතු නතර කර දමන ලෙස දැනුම් දුන් බවය. මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් ප්‍රධානීන්ද දැනුවත් කළත් එම දෙපාර්තමේන්තුවේ ඇතැම් බලධාරින් මෙම කටයුතු නතර කර දමන තැනට වැඩ කර ඇති බවය.

අදාල ගොඩ නැගිල්ල 1815 මහනුවර නගර සැලැස්මේ සඳහන් නොවූ නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකරන ලදුව 1865 දි මහනුවර නගර සැලැස්මේ සඳහන්ව ඇති ගොඩනැගිල්ලකි.  දළදා මාළිග පරිශ්‍රයේ ඇති කතෝලික පල්ලිය ඉදිකිරීමට සමගාමීව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල පසු කාලීනව පොලිස් උසාවි පැරණි ගොඩනැගිල්ල ලෙස නම්කොට තිබිණි.

1985 වසරින් පසුව මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගොස් ඇත්තේ ලක්සලය. නමුත් 1994 දි ලක්සල ද එතැනින් ඉවත්කොට තිබේ. අනතුරුව එය අත්හරින ලද ගොඩනැගිල්ලක් ලෙස පැවැතී ඇත. එම ගොඩනගිල්ලේ භාරකාරිත්වය පැවතී ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේය.

නමුත් ගොඩනැගිල්ල මහනුවර පත්තිනි දේවාල භූමියේ පිහිටා ඇති බැවින් ද ඒ වන විටත් පෙරහර ට සහභාගි වන ශිල්පිණියන් සඳහා නවාතැන් දිමට යොදා ගන්නා බැවින්ද ගොඩනැගිල්ල දේවාලයට පවරා ගැනීම පිණිස එවකට නිළමේවරයා කටයුතු කර ඇත. ඒ අනුව 2016 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මැදිහත්වීමේන් මෙම ගොඩනැගිල්ල පත්තිනි දේවාලය වෙත පැවරී ඇත.

නමුත් මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම ගොඩනැගිල් පවරා ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබේ. ගැසට් පත්‍රයකින් තොරව සිදුකරන ලද මෙම පවරා ගැනීමෙන් මේ වන විටත් අර්බුද රැසක් මතුව තිබෙන බව පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර කීවේය.

දේශපාලන පත්වීමක් ලැබ ඇති අමාත්‍යංශ ලේකම්වරයකු මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉඩ නොදෙන බව තමා හොදින්ම දන්නා බවද නිළමේවරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ඩොලර් නෑ… ගෙවීම් තහවුරු කරන තුරු දින 04ක් පුරා ඉන්ධන නැවක් කොළඹ වරායේ….

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරියේ දත්ත පද්ධතියෙන් මැකිලා…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.