නවාතැන් ගෙන සිටි කාමරයට වැදී පිලිපීන කාන්තාවන් දෙදෙනෙක් කොල්ල කාලා…

handbag-robbery

ලලිත් චාමින්ද –

බුස්ස,පිටිවැල්ල ප්‍රදේශයේ විලා එකක ඉහළ මාලයේ ලැගුම් ගෙන සිටි පිලිපින ජාතික කාන්තාවන් දෙදෙනෙකුගේ  රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා රන් භාණ්ඩ හා මුදල් සොරකම්කොට ඇති බව රත්ගම පොලිසිය පවසයි.

36 හා 35 හැවිරිදිවියේ පසුවන  මෙම පිලිපින ජාතික කාන්තාවන් දෙදෙනා   මෙකි විලා එකේ ඉහළ මාලයේ කාමරයක රැඳී සිට ඇත. එදින රාත්‍රි නින්දට ගොස් පසුදින අවදිවි බලනවිට  මොවුන්ගේ බෑග්වල තිබු රන් මාලයක්, අත්පළදනාවක්, අත් ඔරලොසුවක් හා  ස්ටර්ලින් පවුම් 300ක් ( මෙරට මුදලින් 1.20000ක්) සොරකම්කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.  

කිසියම් අයෙකු විසින්  පිලිපින ජාතිකයින් දෙදෙනා රැඳි සිටි කාමරයට  ඇතුල්වි මෙම සොරකම් කොට  ඇති බව පොලිසිය පවසයි.

රත්ගම බුස්ස පිටිවැල්ල  ප්‍රදේශයේ නිවාස විශාල සංඛ්‍යාවක් විදේශිය සංචාරකයින්ට ලැගුම් ගැනීම සදහා ලබාදි ඇත. මෙම   ඇතැම්  නිවාසවල නිසි ආරක්ෂාවක්  නොමැති බව පොලිසිය පවසයි. 


ඇතැම්  කාමරනග  දොරවල් කැඩිබිදිගොස් ඇති අතර  ආරක්ෂිත අයුරින් සකස්කොට නොමැති බවද පොලිසිය පවසයි. මේ පිළිබද මෙකි නිවෙස් හිමියන් දැනුවත් කිරිමට කටයුතු කොට ඇති බව ච පොලිසිය පෙන්වාදෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 රත්ගම පොලිසිය මෙම සොරකම පිළිබද පරික්ෂණ පවත්වයි.

 

Exit mobile version