නවසීලන්තයේ හෙදියන් 30,000ක් පමණ වැටුප් වර්ධක සහ වඩා යහපත් වැඩ පරිසරයක් ඉල්ලමින් පැය අටක කාලයක් සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
එරට දිස්ත්‍රික් සෞඛ්‍ය මණ්ඩල විසින් 1.4 ක වැටුප් වර්ධකයක් ලබාදීමට කළ යොජනාවට විරෝධය පළකිරීමක් ලෙස මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නවසීලන්ත හෙද සංගමය තීරණයක කර ඇත.
ඒ අනුව දහස් ගණනක් හෙදියන් නවසීලන්ත වීදි වලට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් තම වැටුප් ඉහළ දමන ලෙසට නවසීලන්ත රජයෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා අඩෙන් මධ්‍යවෙත ප්‍රකාශ කර ඇත්තේ හෙඳ සංගම් 17්‍ර වැටුප් වර්ධකයක් ඉල්ලා ඇති බවයි. එහෙත් එවැනි වැටුප් වර්ධකයක් ලබාදීමට කොරෝනා ව්‍යාපතිය හේතුවෙන් සිදු කළ නොහැකි බවද ඇය පෙන්වා දී තිබේ.
ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රජයට හැකි අයුරින් වැටුප් වර්ධක ලබාදීමට පියවර ගන්නා බවයි.
නවසීලන්ත හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ වර්ථමානයේ ක්‍රියාත්මක හෙඳ වැටුප් හේතුවෙන් හෙඳ ක්ෂේත්‍රයට එක්වීමට බොහොදෙනා අකමැත්ත පළකරන බවයි.
ඒ හේතුවෙන් හෙඳ ක්ෂේත්‍රයේ පුපරප්පාඩු රැසක් නිර්මාණය වීමට ඉඩ පවතින බවද එමගින් නවසීලන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.