නවසීලන්තය ඇතුළු දකුණු පැසිෆික් දූපත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් කරමින් ටොංගා රාජ්‍යයට ඔබ්බෙන් දිය යට ගිනි කන්දක් පුපුරා ගොස් තිබේ. එසේ පිපිරී ගොස් ඇත්තේ දකුණු පැසිෆික් සාගරයේ දියයට පිහිටි Hunga-Tonga-Hunga-Ha’apai නැමැති ගිනි කන්දය.
Huge volcanic eruption near Tonga. Reports of tsunami there and it's gone pitch black. Lots of lightning too. #tonga pic.twitter.com/Eia4fidPRc
— Rick Threlfall (@RickThrelfall) January 15, 2022
ඒබීසී පුවත් සේවය වාර්තා කරන්නේ සමාජ මාධ්‍යයන්හි පළ කරන ලද වීඩියෝවකින් ටොංගන් වෙරළබඩ ප්‍රදේශවල විශාල රළ වෙරළට ගසාගෙන එන ආකාරයත්, අහසින් අළු වැටෙන අයුරුත් පෙන්නුම් කරන බවය.
නවසීලන්තයේ හදිසි කළමනාකරණ ඒජන්සිය එහි උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයන් සඳහා සුනාමි ආපදා අවස්ථාවක් උපදෙස් නිකුත් කර ඇත.
ගිනිකන්දේ සිට කිලෝමීටර් 2,300 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශ, ශක්තිමත් හා අසාමාන්‍ය තරංග සහ වෙරළේ අනපේක්ෂිත රළ පහරවල් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වනවිට ටොන්ගා රාජ්‍යය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක කර ඇති බව ටොන්ගා කාලගුණ විද්‍යා අංශ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. ටොන්ගා වෙත ධරුණු රළ පහර එමින් තිබේ.
Stay safe everyone 🇹🇴 pic.twitter.com/OhrrxJmXAW
— Dr Faka’iloatonga Taumoefolau (@sakakimoana) January 15, 2022
මේ අතර ෆිජී රාජ්‍යයද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. දැඩි සුනාමි තරංග සහ බිහිසුණු රළ පහරේ අවදානම දැඩිව ඇති බවත් කිසිවෙක් වෙරළ තීරය වෙත යෑමෙන් වළකින ලෙසත් ෆිජී බලධාරීහු වැසියන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම ගිනිකඳු විදාරණය නිරීක්ෂණය කරන සැමෝවා රාජ්‍යයේ අගනුවර වන පැගෝ පැගෝ හි මුහුදු මට්ටමේ පිහිටුවා ඇති මිනුම් යන්ත්‍ර දතත් අනුව සෙන්ටිමීටර 60 ක උසකින් යුත් සුනාමි රළ එක්සත් ජනපදය පදනම් කරගත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබිණි.
මිනිත්තු අටක් පැවති මෙම පිපිරීම කිලෝමීටර 800කට වඩා ඈතින් පිහිටි ෆීජි හි “ඝෝෂාකාරී ගිගුරුම් හඬක්” ලෙස ඇසුණු බව සුවා අගනුවර නිලධාරීන් පැවසීය.
Tsunami videos out of Tonga 🇹🇴 this afternoon following the Volcano Eruption. pic.twitter.com/JTIcEdbpGe
— Jese Tuisinu (@JTuisinu) January 15, 2022
ෆීජි 01 හි රූපවාහිනී වාර්තාකරුවෙකු වන ජේස් ටුයිසිනු සිය ට්විටර් ගිනුමේ වීඩියෝවක් පළ කරමින් විශාල රළ වෙරළට සේදී යන ආකාරය සහ මිනිසුන් තම මෝටර් රථවලින් පලා යාමට උත්සාහ කරන ආකාරය දක්වා තිබිණි.
This family were in church. They’d just finish having choir practice and the tsunami hit 😩❤️🇹🇴 pic.twitter.com/DLLFRJ9BAc
— KNOWKNEE (@JohnnyTeisi) January 15, 2022
“ටොංගාවේ සමහර ප්‍රදේශවල එය වචනාර්ථයෙන් බිහිසුණුයි. පුපුරා යාමෙන් පසු මිනිසුන් ආරක්ෂිත ස්ථාන කරා වේගයෙන් දිව යමින් සිටී…,” ඔහු පැවසීය.