බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නල්ලතන්නියේ කොටියකු මරා හම ගැසූ මිනිසා වට්ස්ඇප් නිසා හසුවෙයි

by Lanka Sara Editor
ජූනි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොටියෙකු ඝාතනය කර උගේ මස් අළෙවි කළ බව කියන පුද්ගලයින් තිදෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් පෙරේදා (27) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකරුවන් තිදෙනා පසුගිය (23) දින වලපනේ මුර්ඔය තේ වත්තේ මන්දක් අටවා අවුරුදු හතරක් පමණ වයසැති මෙම කොටියා අල්ලා ඝාතනය කර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.

ඝාතනය කරන ලද කොටියාගේ ඡායාරූපයක් එක් සැකකරුවෙකු විසින් එම වතුයායේම පදිංචි මිතුරෙකුට වට්ස්ඇප් මගින් යොමුකර තිබියදි එම ඡායාරුපයක් තමන් වෙත ලැබුණු බව නල්ලතන්නිය වනජිවි කාර්යාල‍යේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය. සමනල අඩවි ආරක්ෂක ඩි.පි.සෙයාසිංහ මහතාගේ උපදෙස් පරිදි වලපනේ ප්‍රදේශයට ගොස් සිදුකළ විමර්ශනයකින් පසු කොටියා ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ කොටියාගේ දත් ගලවා සන්තකයේ තබාගත් අයෙකු අත්අඩංගුවට ගැනිමට හැකි වුවේ යැයි ඒ මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනොගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඝාතනය කළ කොටියාගේ සම එක් සැකකරුවෙකුගේ‍ නිවසේ වේලීමට දමා තිබීයදී සොයාගෙන ඇත. සැකකරවන් නුවරඑළිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ඊ.ආර්.එස්.ජිනදාස මහතා වෙත ඊයේ (28) ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගල ශරිර ඇප මත ඔවුන් තිදෙනා මුදාහැර තිබේ.සැකකරුවන්ට යළි සැප්තැම්බර් මස 07 දින අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ වලපනේ මුර්ඔය වතුයායේ පදිංචි සුප්පන් ඉලංගෝවන් (46) ,රාමසාමි මුත්තයියා කමලදාසන් (33) සහ මරදවිරන් ශ්‍රිදරන් (28) යන තිදෙනාය.

නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනජිවි නියාමකවරුන් වන දිළුම් ගොඩගෙදර,බියතුංග,ක්ෂේත්‍ර සහයක අජිත් ශාන්ත,අනියම් කම්කරුවන් වන වයි.සත්‍යාගු,ආර්.රාජෙන්ද්‍රන්,ආරුමුගම්,වනජීවි රියදුරු වසන්ත සම්පත් යන අයගේද සහයෝගය මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඡායාරූප-
•ඝාතනය කරන ලද කොටියාගේ ඡායාරුප කිහිපයක් •ඝාතනය කරන ලද කොටියාගේ සම සැකකරුගේ නිවසේ වේලිමට දමා තිබු අයුරු ඡායාරුප කිහිපයක්
•නල්ලන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් කොටියාගේ සිරුරේ කොටස් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අයුරු

Tags: නවතම
Share69Tweet43
Previous Post

සරත් ෆොන්සේකාගේ හමුදා ලේ උණුවෙයි – හමුදාපතිට පහර ගැසීම වැරදියි කියයි

Next Post

මේ රටේ දේශපාලකයන්ගේ සහ ක්‍රීඩකයන්ගේ අතර වෙනසක් නෑ… දෙගොල්ලම රට කනවා..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.