නරි නාටක එපා… මේ තැන්වල හොයන්න… රිෂාඩ් ඉන්න තැන රංගෙ කියයි…

Range-Bandara

හිටපු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නරි නාටක නටන්නේ නැතිව හැකි නම් ආණ්ඩුවේ ඉහළම දේශපාලකයන් කීප දෙනාගේ නිවෙස් පරීක්ෂා කරන ලෙසත්, විනාඩි කිහිපයකින් රිෂාඩ් බදියුදීන් එම නිවසකින් සොයා ගත හැකි බවත් හිටපු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රංග බණ්ඩාර ලංකාසරට පැවසීය.
“ දැන් සතියක් තිස්සෙ මේ ආණ්ඩුවෙ පොලිසිය පොලිස් කණ්ඩායම් හයක් දාලා රිෂාඩ් බිදියුදීන් හොයනවා…. හැම තැනම හොයනවා. හොයා ගනන්න බෑ… මේක මොනතරම් විහිලුවක් ද?. ඇයි මිනිස්සුන්ට මෙහෙම විහිළු සපයන්නේ… මේ වැඩ නිසා පොලිසියටත් අපහසුතාවයට පත් වෙනවා.“
“මම අභියෝග කරනවා හැකිනම් ඔය පොලිසිය යොදවලා අණ්ඩුවෙ ඉහළම දේශපාලකයන් කිහිප දෙනාගේ නිවෙස් පරීක්ෂා කරන්න කියලා… රිෂාඩ් විනාඩි දහයෙන් හොයාගන්න පුලුවන්. “
වැඩිදුරටත් රංගේ බණ්ඩාර හිටපු එ.ජා.ප මන්ත්‍රීවරයා කීවේය. ඔහු කියන්නේ මේ සියලුම නැටුම් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට දැමූ පසු නිමා වන බවය. තව දුරටත් බොරු නොකරන ලෙසත් ඇති වී තිබෙන මේ ප්‍රශ්න මෙවැනි සිල්ලර නැටුම් වලින් වසා ගත නොහැකි බව ඔහු ආණ්ඩුවට කියන්නේය.

Exit mobile version