මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ බවට සැක කරන ගජමුතු 05ක් සොරාගෙන චීන ජාතිකයෙකුට ලක්ෂ 120කට අලෙවි කිරිමට ගිය අධිකරණ සේවකයින් 02ක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ සේවකයෙක්, නඩු භාණ්ඩ කාමරයේ සේවකයෙක් සහ රත්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.
ඔවුන් අද (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතලේ ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක් තුළ මෙම ගනුදෙනුව කෙරෙද්දී අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලද තොර තොරතුරක් මත ඔවුන් හා එක්ව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.