දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ රාමේස්වරන් සිට ශ්‍රි ලංකාවේ උතුරු මුහුදට බලහත්කාරයෙන් මසුන් මැරීමට පැමිණෙමින් සිටි ඉන්දීය ධීවරයින්ගේ බෝටුවක් පෙරළීමෙන් ධීවරයින් දෙදෙනෙකු මියගොස් තවත් ධීවරයින් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (15) ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටුව පෙරළී යාමෙන් පසුව වෙනත් බෝට්ටුවක සිටි ධීවරයින් පිරිසක් අනතුරට පත් බෝට්ටුවේ සිටි පස් දෙනා ඔවුන්ගේ බෝට්ටුවකට දමා ගෙන ඇත.
පසුව මේ පිළිබඳව රාමේස්වරන් වෙරලාරක්ෂක නිලධාරීන්ට දැණුම් දීමෙන් පසුව ඔවුන් පැමිණ ඉන්දීය ධීවරයින් පස් දෙනා බාර ගන්නා විට ධීවරයින් දෙදෙනෙකු මියගොස් තුන් දෙනෙකු තුවාල ලබා ඇති අයුරු නිරීක්ෂණය වී තිබේ.
තුවාල කරුවන් ගිලන් රථයකින් රාමේස්වරන් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මියගිය ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු පරීක්ෂණ කටයුතු සඳහා රාමනාතපුරම් රෝහලට බාර දී ඇත.
ඉන්දීය ධීවර අමාත්‍යංශය විසින් ධීවරයින්ට මාසයක කාලයක් මසුන් ඇල්ලීමට යාම තහනම් කොට තිබී එම තහනම ඉවත් වූ දිනයේදීම උතුරු මුහුදු සීමාවට පැමිණෙමින් සිටි ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටුවක් මෙසේ පෙරළී ගොස් තිබේ.. ඉන්දීය සාගර කලාපයේ මසුන් බෝවීමේ සීග්‍රතාවය ඉහල නැන්වීම සදහා ඉන්දීය ධීවර අමාත්‍යාංශය විසින් සෑම වසරකම මාසයක කාලයක් ඉන්දීය ධීවරයින්ට මසුන් මැරීමේ කටයුතු තහනම් කෙරෙන අතර එම කාලයට ඔවුහු වැඩි වශයෙන් ශ්‍රි ලංකාවේ හා වෙනත් ආසන්න රටවල මුහුදු කලාප වලට බලහත්කාරයෙන් අතුලු වී මසුන් මැරීමට උත්සහ කරති.
නමුත් මේ අනතුර සිදුව ඇත්තේ එම තහනම් ඉවත් කළ දිනයේම ශ්‍රි ලංකාවේ උතුරු මුහුදු කලාපයට අනවසරයෙන් පැමිණෙමින් තිබූ ඉන්දීය ධීවර බෝට්ටුවකි.