දිනසේන රතුගමගේ –
ශ්රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදු තීරයට අනවසරයෙන් පැමිණ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු හා ඔවුන්ගේ යාත්රා 2ක් ඊයේ (05) අත් අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් පහළොස් දෙනා මේ වන විට ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇත.
විදේශීය ධීවර යාත්රා මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කිරීමේ ප්රතිපලයක් වශයෙන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බව නාවික හමුදාව ප්රකාශ කරයි.