සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධම්මික කොවිඩ් පැණිය කාලි පැණිය වී වෙදමහත්තයා මෑණියන් වූ හැටි….

දෙවියන් සමග ගනුදෙණු සෙල්ලම් නැත... නිස්කාංසුවේ කියවන්න....

by editor
දෙසැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ධම්මික බණ්ඩාර තුමාට ගමේ ඇත්තන් කියන්නේ මෑණියන් කියා බවත් එතුමා බෙහෙත් හේත් කරන්නේ වරමකින් බවත් අපට කීවේ කොවිඩ් පැණිය ගන්නට එතුමා හමුවෙන්නට ගිය ගමනේ දී ඒ ගමේ ගැමියන්ය.

අපි ඒ බව ලියා තැබුවත් ධම්මික බණ්ඩාර තුමා ගේ වරම ගැන එතුමාගෙන්ම අහගන්නට ලැබුණේ චමුදිත සමරවික්‍රම නිසාය. චමුදිත  සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී  එතුමා මේ විස්මය දනවන රහස  රට අභිමුව හෙළි දරවු කළේය. එතුමාට ලැබී තිබුණේ කාලි දේව වරමකි.

එතුමා   කාලි දේව වරමින් ලැබුණු පැණිය දේශීය වෛද්‍ය ඇමති තුමා හරහා මුලින්ම පෙව්වේ සෞඛ්‍ය ඇමතිනියටය. ඊට පස්සේ පාර්ලිමේන්තුවටය. කට්ටිය පැණි ගසා ඡායාරූපත් පල කර තිබුණහ. අනතුරුව එතුමා මිනිස්සුන්ට පැණි දන්සලක් දුන්නේය. ධම්මිකතුමා දුන්න පැණි දන්සල වැනි දන්සලක් රටට කවදාවත් අමතක වෙන්නේ නැත. කොවිඩ් ලොවේත් තිබුණේ නැත. මිනිස්සු හිටයේ මිලි මීටරේ පරතරයෙනි. පැණි ගන්න රාජ රාජ අමාත්‍යවරුත් ප්‍රභූ ගේට්ටුවෙන් ආහ.   ඒ ගැන අපි එතැනට ගොස් ඇසින් දැක ලියා තැබුවෙමු.

සෞඛ්‍යය ඇමතිනිය පැණියේ රස විඳි අවස්ථාව… රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමනයෝ ද පසෙකින් වෙති…

ඉන් අනතුරුව කාලි  පැණියෙන් ධම්මික තුමා  දළදාවහන්සේ පිදූහ.   අස්ගිරි මල්වතු උභය පාර්ශවයේ නායක හාමුදුරුවරුන්ට පැණි පූජා කළහ. මහා නායක හිමිවරු ධම්මික බණඩාර තුමා ගේ මේ හෙළ වෙදකමේ හාස්කම ගැන අප්‍රමාණ සේ පැහැදී සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • අටමස්ථානාධිපති නා හිමිගේ ගේ මෑණියන්

ඊයේ (16) එතුමෝ ජය ශ්‍රී මහා හාමුදුරුවන්ට කාලි දේව වරමින් ලද පැණි පූජා කරන්නට මහා සංඝරත්නයත් පෙරටු කොටගෙන වැඩියහ. සමාජය මුලින්ම එතුමා කාලි දේව වරමින් කරන හාස්කම ගැන දැනගත්තේ අතිපූජ්‍ය අටමස්ථානයේ නායක ස්වාමීන්වහන්සේගේත් මෑණියන්   සිහි කැඳවූවාට පසුවය.  කාලි පැණිය පූජා කිරීමට ජය සිරි මහා බෝධිය පා මුලට යන්නට බැරි වීම ගැන ප්‍රකෝප වුණු එතුමා අටමස්ථාන නායක හාමුදරුවන්ට කෑ ගසා කීවේ තමන් කාලි බවය. තමන් නායක හාමුදුරුවන්වහන්සේගෙත්  මෑණියන් බවය.

තත්වය එසේය.

දැන් කාලි පැණිය කොවිඩ් උදෙසා උපන් හැටි ගැන  කතාව කියන්නේ අප නොවේ. ධම්මික බණ්ඩාර තුමාය. චමුදිත සමරවික්‍රම සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් කරන එතුමා තමන් මෑණියන් වූ හැටි, එතුමාට මේ මහා බල සම්පන්න වරමක් ලැබුණු හැටි, ඒ වරමින් බෙහෙත් කරන හැටි, එතුමා ඉදියේ ජීවමානව කාලි මෑණියන් වැඩ ඉන්න හැටි ගැන කියන්නේය. මේ ඒ හාස්කම් පිරුණු කතාවය. එය ධම්මික බණ්ඩාර තුමාගේ වචනයෙන්ම ලියා තබන විට යහපත්ය.   මේ  කතාව නොදන්නා අයට දැන ගැනීම සඳහාය.

කතානායක තුමාට පැණිය පිදූ අවස්ථාව
  • භද්‍රකාලි මෑණියන්ගෙ වරම

මම පාරම්පරික වෛද්‍යවරයක් නෙමෙයි.  ආයුර්වේද වෛද්‍යවරයෙකුත් නෙමෙයි. හැබැයි මම කරන්නෙ හෙළ වෙදකම. ඒ වෙදකම කරන්න මට බලය ආවෙ ශ්‍රී වීර භද්‍රකාලි මෑණියන්ගෙන් ලැබුණු වරමකින්. තුන්මෝදර, ඇනිවත්ත, හෙට්ටිමුල්ල, කෑගල්ල ලිපිනයෙ ශ්‍රී වීර භද්‍රකාලි මෑණියන්ගෙ දේවාලය පවත්වා ගනිමින්,  වෙද හෙදකම් කරනවා.  ගමේ මම දන්න කියන හැමෝම මට කතා කරන්නෙ මෑණියො කියලා.

  • වරම ලැබුණු කාලය හා ලැබුණු ආකාරය

මට මේ  වරම ලැබුණේ 1999 දි. ඒ මෙහෙමයි. ඒ වකවානුවෙදි මම බොහෝම රෝගාතුර වුණා.  වෛද්‍යවරු මට කිව්වෙ මාව ජීවත් කරන්න බැරි වේවි කියලා. මට උනේ හදවතේ ලේ ගමන අඩුවීමක්.  ඒ කාලෙ මට නැගිටින්න බෑ. කලන්තෙ දාලා වැටෙනවා. ඒ කාලෙ මට ගොඩක් දෙනෙක් ගොඩක් බෙහෙත් කලා. ඒත් හොඳ කරගන්න බැරිව ගියා.

ඒ දවස්වල මගෙ අම්මා හිටියා. අම්මා මේ ගැන අහන්න දෛවඥයෙක් ලඟට ගියා. එතුමා තමයි හොයාගත්තෙ මට වරමක් තියනවා කියලා. එතුමා අම්මට කිව්වා  ලොකු ශාස්ත්‍රයක්. ඒ ශාස්ත්‍ර දේශනයේදී ඒ දෛවඥ තුමා කියලා එවලා තිබුණා මේ තියෙන්නෙ ලෙඩක් නෙමෙයි. මේක දේව වරමක්. මේ දේව වරම භාර ගන්න කියලා.  වරම දීලා තිබුණෙ ශ්‍රී මහා කාලි මෑණියො.

එදා ඉඳන් මම මේ වරම ගත්තා. අරන් වරම අනුව බේත් හේත් කරන්න ගත්තා.

  • වරමින් බේත් කරන හැටි

මෙහෙමයි… බේත් කියනකොට ජීවමාන දේව මෑනියන් වැඩ ඉන්නවා. බේත් කියන්නෙ උන්වහන්සෙ. ඒ වෙලාවෙ කරන කියන කිසිම දෙයක් මට මතක නෑ. දන්නෙ නෑ.

අනෙක් වෙලාවට යමක් කරන්න ඕන නම් දේව මෑණියෝ එක මගෙ මතකයට යොමු කරනවා මේ දේවල් කරන්න කියලා.

ධම්මික බණ්ඩාරතුමා  රටට බේත් කිව්වේ එසේය. මේ ලියන අපට එතුමා විශ්වාසය. අපනම් මින් මතු කටක් හොල්ලන්නේ නැත. මේ ගනුදෙණුව දෙවියන් සමගය. ඒ නිසා මේ කාලි පැණිය ගැන අහන්නත් එපාය. ඇහුවත් කිසිම දෙයක් කියන්නේත් නැත.

අප දැන් කතා කරන්නේ අර පැණි කෙළියේ සිටි ඇත්තන්ටය.  දැන් මේ පැණියට සායනික පරීක්ෂණ කළ , මේ පැණි බ්ව්ව ලොකු ළමයි කෝ… ඉතින් පෝලිමේ එන්න…

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram
පාර්ලිමේන්තු නියෝජිතයන් පැණි රස විඳිමින්…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

Next Post

කොවිඩ් මැද වයඹ පාසල්වල වාර විභාග අද ඇරඹේ…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.