ඉකුත් 9 වැනි දා කොල්ලුපිටිය හා ගාලුමුවදොර සාමකාමී විරෝධකාකරුවනට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
මෙම අපරාධය වැලැක්වීම සඳහා නිශ්චිත මැදිහත්වීම නොකර ආණ්ඩුවේ මැරයින්ට එම උද්ඝෝෂණයට පහර දීමට අවස්ථාව සලසා දීම සම්බන්ධව පොලිසිය තුළින්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත චෝදනා එල්ල වී තිබිණි.
ඔහුට එරෙහිව පොලිස් මූලස්ථානයේත් පැමිණිල්ලක් ගොනු වූ අතර නීතිඥ සංගමයත් ඔහුව චූදිතයෙක් කර පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
ඊයේ නීතිපතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇතුළු 22 දෙනෙකුට එරෙහිව චෝදනා තිබේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේය.