අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු තෙන්නකෝන් මා පැහැර ගත්තේ මිරිහානේ ජනාධිපති නිවසේ දී – වේදිනිගම විමලතිස්ස හිමි

by editor
ජූනි 18, 2021
in පුවත්
KIDNAP
Share on FacebookShare on Twitter

තමන් පැහැරගෙන නිරාහාරව සිරකර තබා මරණීය තර්ජන කර ලියකිවිලිවලට අත්සන් කරගෙන තම මන්ත්‍රී ධුරය පැහැර ගත්තේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බවත්, මෙම පැහැර ගැනීම සිදුකරනු ලැබුවේ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස තුළ දී බවත්, පැහැර ගන්නා අවස්ථාවේ දී ජනාධිපතිවරයා ද එහි සිටි බවත් අපේ ජන බල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියෝ වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති. උන්වහන්සේ පැහැරගනු ලැබුවේ අපේ ජන බල පක්ෂයට ලැබුණු එකම මන්ත්‍රී ධුරය බෙදා ගත නොහැකිව අතුරලියේ රතන, ගලගොඩඅත්තේ ඤාණසාර, හා වේදිනිගම විමලතිස්ස හිමිවරුන් අතර ඇතිවූ ගැටුමත් සමගය. 

තමන්ව පැහැර ගන්නා අවස්ථාවේ අතුරලියේ රතන හිමියන් ද එහි සිටි බව කියන උන්වහන්සේ පැහැර ගැනීමට පෙර රතන හිමියන් ජනාධිපතිවරයා හා විශේෂ සාකච්ඡාවක සිටි බවත් ඒ අතර එම නිවස තුළ සිටම පැමිණි දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කණ්ඩායම තමන්ව පැහැර ගත් බවත් පැහැරගෙන සිරකර තබා මරණීය තර්ජන එල්ලකරමින් කළ බලපෑමට මුලුමනින්ම වගකිව යුත්තේ දේශබන්දු තෙන්නකෝන් බවත් විමලතිස්ස හිමියෝ කියති.

උන්වහන්සේගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

දේශබන්දු තෙන්නකෝන් මාව පැහැරගෙන ගිහින් මට දුන්නා පිටු හතරක විතර වරෙන්තුවක්. ඒ වරෙන්තුවෙ නමක් නෑ.

ඔබවහන්සේව මේ වරෙන්තුවෙන් අත්අඩංගුවට අරන් මට පුලුවන් සදාකාලිකව හිරේ තියන්න. කැමති ද ඒකට.
එහෙම නැතිනම් මේ කොල ටිකට අත්සන් කරලා අතුරලියේ රතන හිමියන්ට දෙනව ද. මම කිව්ව තමුන්නාසෙල වගේ සක්කිලි නෙමෙයි මම. මරලා දැම්මත් හිරේ ගියත් දෙන්නෙ නෑ කියලා කිවුවා.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මොවුන් මට දවස් ගණන් කන්න දුන්නෙ නෑ. එහෙම තියාගෙන ඉඳලා බලහත්කාරයෙන් අත්සන් කරවලා මරන්න අරන් ගිහින් මන්ත්‍රීකම පැහැර ගත්තා.

රාජ්‍ය නිලධාරියෙක් විදිහට මේකට සම්පූර්ණයෙන් වගකියන්න ඕන දේශබන්දු තෙන්නකෝන්.

ජනාධිපති මන්දිරයට ගියේ මේ ප්‍රශ්නය විසඳගන්න. ඒකට ඤාණසාර හිමියනුත් අතුරලියේ රතන හිමියනුත් එනවා කියලා තමයි මට එන්න කියලා පණිවිඩය ලැබුනෙ. මම එතෙන්ට ගිහින් ජනාධිපති මන්දිරය අසලින් ඇහුවා මෙතෙන්ට දැන් රතන හාමුදුරුවොත් ඤාණසාර හාමුදරුවොත් එනවා කිව්වා,  මම අපේ ජන බල පක්ෂයේ වේදිනිගම හාමුදුරුවො. අපට මේක ඇතුලෙ මොනව හරි හමුවක් තියනව ද ඇහුවා. මට කිව්වා කතා කරලා බලලා කියන්නම් පොඩ්ඩක් රැඳී ඉන්න කියලා. ටික වෙලාවකින් පණිවිඩයක් ආවා ‘ඔව් හමුවීමක් තියනවා ඇතුළට වඩින්න‘ කියලා.
ඉතින් මම ඇතුළට ගියා. රතන හිමියන් ආවා. මම සමග ජනාධිපතිවරයා කරන්න තියන සාකච්චාව පැත්තකින් තියලා රතනහිමියන් ජනාධිපතිවරයා එක්ක වෙනම කතාවක් කළා. මේ ජනාධිපති මන්දිරය ඇතුළෙ.

මම කල්පනා කළා හොර රහසෙ කරන කතාවලින් මට වැඩක් නෑ පැත්තකට වෙලා ඉන්නවා කියලා. මම පැත්තකට වෙලා කල්පනා කළා අපට යම් වැරදීමක් වෙලා තියනවා… ධර්මයේ ආශීර්වාදයෙන් තමයි මොනව හරි කරන දෙයක් කරන්න තියෙන්නේ. දැන් සිර කඳවුරකට මම ඇවිත් ඉවරයි කියලා.

ඒ  අතරෙ මට එළියෙ අයගෙන් දුරකථන ඇමතුමක් ආවා මිරිහාන පොලිසියෙන් ඇවිත් වාහනය අත්අඩංගුවට ගත්තා කියලා. ඇතුළෙන් එළියට එන්න කලින් ඒ මන්දිරය ඇතුළෙන්ම දේශබන්දු තෙන්නකෝන්ගෙ කණ්ඩායම ඇවිත් මාව පැහැර ගත්තා. අරගෙන ගිහිල්ලා මාව සිර කරගෙන ඉඳලා ලියකියවිලිවලට අත්සන් කරගත්තා.

ඒ අතරෙ අපේ නායක හාමුදුරුවො, වජිර ශ්‍රී නායක හාමුදුරුවොන්ට ඕනකම තිබුණා මගෙ ජීවිතය බේරගන්න. උන්වහන්සෙ කිවුවා මොනවා හරි කරලා ජීවිතය බේගන්නවා. මුන්වහන්සෙ කලබල නැතිව කට පියාගෙන ඉන්නවා කියලා.

එම වීඩියෝව පහතින් දැක්වේ.


Tags: නවතම
Share69Tweet43
Previous Post

නිලධාරීන් 75ක් දින 03ක් තිස්සේ කළ මෙහෙයුමෙන් සූරියවැව මහ කැලේ ගංජා හේන් 11ක් සොයා ගනී

Next Post

රටේ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් 800යි… දැඩි සත්කාරවල 120යි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.