fbpx

දේශබන්දු ඉදිරියේ නීතිය නමන්න ගිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට නොතීසි…

RelatedPosts

නිමන්ති රණසිංහ –

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි ට අද (15) නොතීසි නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට බාධාවක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  පිළිබදව නිතිපතිවරයා විසින් නිර්දේශයන් දෙකක් ලබාදෙනු ලැබ තිබියදීත්, පොලිස් ආඥා පනතේ පොලිස් නියෝග යටතේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට මෙහිදී අධිකරණය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධිය අද (15) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

ලංකාදීප-

Get real time update about this post categories directly on your device, subscribe now.

RelatedPosts

Next Post

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

I agree to the Terms & Conditions and Privacy Policy.

ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist