අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන මැදිහත්වීම නැවතිලා නෑ… වනජීවී නිලධාරීන් හෙට යළිත් සංකේත වර්ජනයක

ජාතික ජලගැලුම් නිම්න රක්ෂිතය දේශපාලකයින්ගෙන් බේරාගන්න නිලධාරීහු රොද බඳිති..

by editor
දෙසැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • දිනකට හරක් 25000ක් 30000ක් රක්ෂිතයට ඇතුළු වෙනවා… හරක් 05 දෙනෙක් විනාශ කරන්නෙ අලියෙකුගේ ආහාර ප්‍රමාණය
  • රක්ෂිතය මැදින් පාරක් ඉල්ලන්නේ  මහවැලියෙන් කාර්පට් පාරක් දීලා තියෙද්දි
  • අවුරුදු 34ක් පාවිචි නොකළ පාරක් හදිස්සියෙ අවශ්‍ය ඇයි…

අත්තනෝමතික දේශපාලන තීන්දුවලින් පරිසර පද්ධතියක් විනාශ වී ජාතියම ව්‍යසනයට පත්වීම  වැළැක්වීම සඳහා වනජීවී නිලධාරීන් හෙට  (07) දින සිට යලිත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක  පැවසිය.

ඔහු ඒ බව පැවසුවේ අද  (06) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.  සංකේත වැඩ වර්ජනය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වු සභාපති  ප්‍රභාෂ් කරුණාතිලක කියා සිටියේ පොලොන්නරුව ජල ගැළුම් නිම්න රක්ෂිතයේ අනීතිත කටයුතු සිදු කිරිම සඳහා රාජ්‍යය අමාත්‍යවරයා මේ වන විට පිඹුරුපත් සකසමින් ඉන්න බවය.

“ අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා  මට්ටමින් විසඳුම් ලැබෙනතෙක් බලා සිටියා. නමුත් කිසිදු විසදුමක් ලැබුණේ නෑ. ඒ නිසා හෙට (07) දින සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙනවා. අප මේ මැදිහත් වීම කරනනේ ගහකොල සහ සතා සීපාවුන් වෙනුවෙන්…“

හෙට  (07) දිනයෙත් ක්‍රියාත්මක වන්නේ සංකේතාත්මක වැඩ වර්ජනයක්.  කැබිනට් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍යය ඔස්සේ යහපත් ප්‍රතිචාර යොමු කරලා තියෙනවා. ඇමතිවරයාගේ මැදිහත්විම අපි බලාපොරෙත්තු වෙනවා. එතෙක් සංකේත වැඩ වර්ජනය සිදු කරනවා.“ යැයි පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

  • දිනකට හරක් 25000 ක් 30 000ක් රක්ෂිතයට…

වන අලින්ගේ ප්‍රධාන පැවැත්ම සහතික කරන   ජල ගැළුම් නිම්න රක්ෂිතයට ගවයන්  ඇතුළු කළ හොත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේම අලි මිනිස් ගැටුම වලක්වන්න බැරි වෙන බව වනජීවි නිලධාරීහු පෙන්වා දෙති.

මේ රක්ෂිතයට දිනකට ගවයන් විසිදහසක් තිස්දහසක් පමණ ප්‍රමාණයක් ඇතුළු කරන බව වාර්තා වේ. එසේ   කරන එක් ගවයෙක් දිනකට කිලෝ 40 ක් පමණ ආහාරයට ගන්නා බවත් ගවයන් පස් දෙනෙක් අලියෙකුගේ දිනක ආහාර ප්‍රමාණය නැති කරන බවත් වනජීවි නිලධාරීහු පෙන්වා දෙති..

  • රක්ෂිතය මැදින් පාරක් දෙන්න හදන්නෙ මහවැලියෙන් කාපට් පාරක් දීලා තියෙද්දි

වනජීවී නිලධාරීන්  පෙන්වා දෙන පරිදි රක්ෂිතය මැදින් ඉදිවන්නේ කිලෝ මීටර 11.5ක්  දිගු මාර්ගයකි. මෙම මාර්ගය සාමාන්‍යයෙන් වසරකට දෙවරක් ජලයෙන් යටවේ. මේ ගම් වාසීන්ට කිලෝ මීටර 30 පමණ දිග කාර්පට් ඇතිරූ මාර්ගයක් මහවැලියෙන් ලබා දී තිබිය දී  මෙවැනි මාර්ගයක් අවශ්‍ය වන්නේ කුමක් සඳහා දැයි වනජීවී නිලධාරීහු විමසා සිටිති.

“ 1984 දි මේ බිම රක්ෂිතයක් බවට පත් කළ යුත්තේ ඇයි කියලා සඳහන් කරලා තියෙනවා.  අවුරුදු 34 භාවිතා නොකළ මාර්ගයක් ඇයි දැන් අවශ්‍යය වෙන්නේ?. මහවැලි ගඟේ වැලි නිධි හරහා තමයි මෙම මාර්ගය ඉදි කරන්න හදන්නේ. මෙම මාර්ගය හරහා වෙනත් නීති විරොධී  කටයුතු සිදු කිරිමට තමයි මේ සැලසුම් කරන්නේ මේ සැලසුම අතිශයින්ම බිහිසුණුයි.   “

  • පරිසරයට වන හානිය

මහැවැලි නිම්නයේ වැලි ගොඩ ගත්තොත් මුහුදු ජලය රට තුළට එනවා. ඒ තුලින් පරිසර පද්ධතියේ ලවණතාවය වැඩි වෙලා මුළු පද්ධතියම විනාශ වෙනවා. පොලොන්නරුව මුහුදු මට්ටමට  ඉතාමත් පහතින් තියෙන ප්‍රදේශයක්. ඒ නිසා භුගත ජලය සමග මේ ලවණතාවය මිශ්‍ර  වෙන්න තියන ඉඩ කඩ වැඩියි. අපි මේ කතා කරන්නෙ විරෝධය දක්වන්නේ මේ පොළොවෙ පැවැත්ම සහතික කරන්න.“ ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක වැඩිදුරටත්  පැවසිය.

මහවැලි ගඟේ පිටාර ජලයෙන් පෝෂණය ලබන විල්ලු සහිත තෙත්බිම් පරිසර පද්ධතියක් වන ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ශ්‍රී ලංකාවේ ‘විල් අලි’ ලෙස හැඳින්වෙන අලි උප විශේෂය දක්නට ලැබෙන භූමියකි. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට වනාන්තර අක්කර ලක්ෂයකට වඩා එළිපෙහෙළි කිරීම නිසා ඉන් අවතැන්වන වනසතුන් සඳහා මෙම ජාතික වනෝද්‍යානය ඇතුළු වනෝද්‍යාන කිහිපයක් ප්‍රකාශයට පත්කර කෙරුණි.  වර්ෂ 1984 වසරේ අගෝස්තු 07 දිනැති අංක 309/4 දරන ගැසට් පත්‍රයේ පළවූ නියෝගයක් මගින් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් විය.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමේ…

Next Post

අද දවසට කොවිඩ් ආසාදිතයන් 648 ක්… බන්ධනාගාර තුළින් පමණක් 197ක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.