ලංකාවේ සිටි වයස්ගතම අලියා අද අලුයම මිය ගියේය.
ඔහු නම් කර තිබුණේ බන්දුල ලෙසිනි. බන්දුල ජීවත් වූයේ දෙහිවල සත්වෝද්‍යානයේ ය. ඔහු මිය යනවිට 79 වැනි වියේ පසුවූයේය.
බන්දුල සත්වෝද්‍යානයට පැමිණෙන්නේ තුන් හැවිරිදි පැටවෙක් ලෙසය. එදා සිට පුරා වසර 76ක් ඔහු හැදුනේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ය. එබැවින්ම බන්දුල යනු ඉතිහාසයකි.
පරම්පරා තුනක තමන් අභයසට පැමිණ තමන් දැක සතුටුවනු දැකීමේ අවස්ථාව බන්දුලට ලැබුණේය. දෙහිවල සත්වෝද්‍යානයේ ඉතිහාසයේම කොටසක් ලෙස බන්දුල ජීවත් විය. කෙසේ නමුත් ජීවිත කාලයෙ හැත්තෑ හය වසරක් බන්දුල ජීවත් වූයේ හස්ථියෙක් ලෙස ලැබිය යුතු කිසිම අත්දැකීමක් නොලබමිනි.
අද අලුයම හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයත් සමඟ දෙපා අප්‍රාණිකව බන්දුල බිම ඇදවැටී තිබිණි. පශු වෛද්‍යවරුන් විසින් අලියාට ප්‍රතිකාර සිදුකර ඇතත් ඒ වනවිට ඔහු ජීවිතක්ෂයට පත් වී සිටියේය.