බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දෙවියන් ළඟට මා යන ගමන නිසා පවුලේ අයට ගොඩක් කරදර වේවි”

ෂැංග්‍රිලා බෝම්බකරු අවසන් වරට තම දෙමාපියන්ට දුන් පණිවුඩය 

by Lanka Sara Editor
ජූනි 10, 2020
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ අප්‍රියෙල් 21 වැනිදා ඉස්ලාමික අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේදී කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අවසන් වරට තම පවුලේ සාමාජිකයන් වීඩියෝවක් මඟින් අමතා බිරිඳ මාර්ගයෙන් පවුලේ අය වෙත ලබා දී තිබේ.

අප්‍රිෙයල් 21 වැනිදා මධ්‍යම රාත්‍රිෙය් හදිසියේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසට එන ඔහු මෙම හඬපටය පටිගත කොට පසුදින උදෑසන දෙමාපියන්ට ලබා දෙනව ලෙස තම බිරිඳ වන ෆාතිමා අතට ලබා දී තිබේ. එයින් පසුව ඔහු බිරිඳ සහ දරුවන් බදාලෙන හඬා වැලපී ඔවුන්ට සමුදී නික්ම ගොස් ඇති බව පසුව සිදු කළ පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.

ඔහු පෙන්ඩ්‍රයිව් එකක තබා තිබූ මෙම හඬ පටය බිරිඳ විසින් ලබා දී ඇත්තේ ඉල්හාම්ගේ බාල සොහොයුරිය වන ඉස්මයිල් වෙතය. ඔවුන් සියලු දෙනා මෙම පහඬ පටය ශ්‍රවණය කර ඇත්තේ ප්‍රහාරය සිදුවී ටික වෙලාවක් ගිය පසුවය.

මෙම ප්‍රහාරය පිළිබඳව ලද මූලික තොරතුරු මත පොලිසිය ඔවුන් විසූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ සුපිරි නිවාසය වෙත එන්නේ එම වීඩියෝව නරඹමින් සිටින විටදී ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ මොහොතේදී ඉල්හාම්ගේ බිරිඳට ඉහළ මාලයකට ගොස් බෝම්බයක් පුපුරවාලෙන සිය දිවි නසා ගත්තාය.

ඉල්හාසම්ගේ අවසන් හඬ පටයේ සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙයි.

“අම්මා කරන වැරදි වැඩවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි
හදිසියේම වෙලාවක් නැතිව තමයි මේ පනිවිඩය දෙන්නේ. ගොඩාක් දේවල් ගැන කතා කරන්න කියල හිතුවා. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. මං කෙටියෙන් කියන්නේ අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. ඒ වගේ එයා පියාගේ ඇදහීම් සමඟ අන්‍යාගමිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම හාමුදුරුවන්ට ආධාර ලබා දීමේ කටයුතුවලින් මිදෙන්නට බැරිව ගියාට ඒවා සික් කුෆුර් කටයුත්තක්. මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉඳිවී දෙවියන් පිළිගන්නට ඕන මේ සියදිවි නසා ගැනීමක් නොවේ තමා විසින් කරන දානයක් කියලා.

එසේ කියන්නට හේතුව මේ දෙවියන්ගේ මාර්ගයෙන් කරන දෙයක්. නිකං මැරෙනවා නම් මගේ ගෙදරදීම බෙල්ල කපා ගන්න පුළුවන්. නැත්නම් කොහේ හරි ගිහින් පනින්න පුළුවන්. මම මෙහෙම අන්‍යාගම්වල අයව මරාගෙන මැරෙන්නේ දෙවියන් ගාවට යන්න ඕන නිසයි. මෙම ප්‍රශ්නවලින් මම මිදෙන්න ඕන. නබිතුමා කියල තියෙනවා ප්‍රශ්න තියෙන කාලේ හොඳ භක්තිකයෙක් නම් මිය යාමට කැමැති විය යුතුයි කියල. මම හොඳ ගනුදෙනුවක් දෙවියන් එක්ක කළා.

ඒ කියන්නේ මගේ ශරීරයේ තිබූ ජීවිතය මගේ මුදල්, දේපළ දෙවියන්ගේ මාර්ගය වෙනුවෙන් කැප කළා. මං හැමදාම යාඥා කළා. දෙවියන් මට හීනෙන් කීවා මම මේවා වෙනුවෙන් කිසිම දෙයක් කළේ නෑ කියල. දෙවියෝ ආදරේට තමයි මට මේ මාර්ගය පෙන්නුවේ. මා ළඟ තියෙන ගොඩක් පව් අයින් කර ගන්න පුළුවන් මරණයට පත්වීම හේතුවෙන්.

සරියා මේ රටට එන්න ඕන. දෙවියෝ, කුරාණය කියන්නේ ප්‍රශ්න සියල්ල ඉවත් වීමට, ආගම සම්බන්ධයෙන් සියල්ල පිළිපදින තෙක් යුද්ධ කරන්න කියල. කුරාණය අනිවාර්යයෙන් කියවන්න.හදීස් කියවන්න. නබිතුමා යම් දෙයක් සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරයෙන්ම ක්‍රියා කරන්න. එවැනි දේවල මහජනතාවගෙන් අදහස් ගැලපෙන්නේ නැතිව ගියත් එය කරන්න. නබිතුමා අපට හොඳ උගතෙක්. දෙවියෙක්. දෙවියෝ කියපු එක තමයි නබිතුමා කිව්වේ. නබිතුමා හැම දෙයක් ගැනම ක්‍රියා කළේ කොයි විදිහටද ඒ විදිහට ක්‍රියා කරන්න සියලු දෙනා ඉගෙන ගන්න.

ඉස්ලාමික රාජ්‍යයක අන්‍යාගමිකයන් සමඟ කොයි විදිහකටද කටයුතු කරන්න ඕන. ඉස්ලාම් නොවන රාජ්‍යයක් කොයි විදිහටද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැන ගන්න ඕන. මේවා සාමාන්‍ය දේවල්.
මට සමාව දෙන්න
අම්මටයි තාත්තටයි කියන පනිවිඩය තමයි මට සමාව දෙන්න.

මම හිතාමතා ඔයගොල්ලන්ට වරදක් කළේ නෑ.මං නිසා ඔයාලට කරදර අපහසුතා වෙන්න පුළුවන්. මම මේ මාර්ගය තෝරාගත්තේ එය දෙවියන්ගේ මාර්ගය නිසයි. මේ නිසා අපේ පවුලේ අයට කරදර වෙයි. මගේ අයියලා මල්ලිලාට කරදර වෙයි. මගේ අම්මා තාත්තාට කරදර වෙයි කියල මට මේ මාර්ගය තෝරා නොගෙන ඉන්න බෑ. මේ වගේ කරදර ආවත් ඒ දෙවියන් වෙනුවෙන් කරන දෙයක්. අපි යම් යම් දේ ගැන පරස්පරතාව පවත්වාගෙන ගියාද ඒවායේ හරි තීන්දුව ඊළඟ ආත්මයේදී දෙවියන්ගෙන් දැන ගන්න පුළුවන්.ස්තූතියි.

මට ඔයගොල්ලේ මෙයින් පස්සේ බැන්නත් ඊළඟ ආත්මේ වෙනකල් කරගෙන ගියත් මම සමාව දෙනවා. ඒ නිසා මටත් සමාව දෙන්න. මං නිසා කරදර ආවත් දරා ගන්න.මා හිතාමතා කිසිම කරදරයක් ඔබට දුන්නේ නෑ. මේ ක්‍රියාදාමය නිසා මා ඉදිරියේ නිෆාත් තත්ත්වයට පත් වෙනවා.

මමයි ඉන්ෂාෆුයි නිසා අම්මට තාත්තට හිරේ යන්න වෙන්නත් පුළුවන්
ඊළඟ එක මමයි ඉන්ෂාෆුයි අති උසස් ක්‍රියාදාමයකට යනවා. අපි මරණයට පත් වෙනවා. ඒ හේතුවෙන් මෙම පවුලට ගොඩක් කරදර විය හැකියි. පොලිසියෙන් අම්මා තාත්තා වුණත් අත්අඩංගුවට ගන්න පුළුවන්. සමහර විට හිරේ දාන්නත් පුළුවන්. මට වෙන ක්‍රමයක් නෑ. මේ ගැන බැලුවොත් දෙවියන්ගේ මාර්ගයෙන් කටයුතු කරන්න බෑ. ජිහාත් කියන එක මේ කාලේ අනිවාර්යයි. මුස්ලිම් අයවලුන්ව පොකුරු පිටින් මරල එම බල්ලෝ ටික අපේ ඇහැ ඉදිරියේ සංචාරය කරනවා. භුක්ති විඳිනවා.

ඒ වෙනුවෙන් පළිගන්න අපි ඒ බල්ලන්ව මරනවා. ඔයගොල්ල කැමති වුණත් අකමැති වුණත් දෙවියන්ගේ නාමෙන් අපි ඒ දේ කරනවා”

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම්

Tags: විශේෂ
Share77Tweet43
Previous Post

අද දවසම වැහි

Next Post

නියෝජ්‍ය පොලිස්පතිවරු 6කගේ පුටු මාරුවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.