අපේ රටේ වෙනත් ක්‍රීඩා වල ක්‍රීඩකයන්ට වඩා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබෙන සැප ගැන අමුතුවෙන් කිව යුතු නැත.
බිස්නස් පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර තරු පහේ හෝටල් වල තනි කාමර රාත්‍රි ආහාර වේලට දීමනා ලක්ෂ ගණනින් තරග ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැර වෙනත් ක්‍රීඩකයන්ට නොලැබේ.
දෙවෙනි පෙළ ක්‍රීඩකයන්ටත් මෙලෙස සැප දෙන්න ගොස් ක්‍රිකට් ආයතනය පසුගියදා හොඳ පාඩමක් ඉගෙන ගත් බවක් වාර්තා වේ.
මෙලෙස ඉල්ලන් කා ඇත්තේ මේ දිනවල පැවැත්වෙන ජාතික සුපර් ලීගයේ තරග සඳහා දඹුල්ල, ගාල්ල, කොළඹ , යාපනය යන කණ්ඩායම්වල ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් ඇතුළු නිලධාරින්ට තරු පහේ හෝටල නවාතැන් සැපයීමේදී ඔවුන්ට ඒවා සුපිරියටම ලබා දීමට යාම නිසාය.
මෙම තරගාවලියේ තරග අතරතුර ක්‍රීඩකයන්ට ලබා දී තිබුණු සුපිරි හෝටල් කාමරවල තම පවුලේ අය නවත්වා ගැනීමට ක්‍රිකට් බලධාරීන් අවසර ලබා දුන් අතර ඉන් උපරිම ප්‍රයෝජනය ගත් ක්‍රීඩකයන් හා නිලධාරීන් තම බිරින්දෑවරුන් නෑයන් පෙම්වතියන් , බාහිර කාන්තාවන් හා හිත මිතුරන් තමන්ගේ කාමරවල නවත්වා ගෙන තිබේ.
ඉන් නොනැවතුනු මොවුන් මෙසේ තම කාමර තුළ නවත්වා ගත් බාහිර පුද්ගලයන්ට හෝටලයේ ආහාර පාන පවා අඩු මිළට ලබාදෙන මෙන් ඉල්ලා කළමනාකරුවන්ට කරදර කර ඇත.
මේ හේතුවෙන් එළඹෙන සුපිරි ලීග් එක් දින තරගවලදී මෙම අවස්ථාව ක්‍රීඩකයන්ට හා නිලධාරින්ට ලබා නොදීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ