දිනසේන රතුගමගේ
දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික්කයේ තරුණ සංවිධාන නායක එම්.තව්පාලන් නැමැත්තා 19 දා පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
විදේශ රටවල් සමග පවතින සබදකම් හා යාපනය විශ්ව විද්‍යාලය තුල එම පක්ෂය විසින් දියත් කරණ ලද විවිධ කාර්යයන් පිළිබදව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව නිදහස් කොට තිබේ.
එල්.ටී.ටී.ඊ. මතවාද ජනතාව අතරට පත් කරමින් යළිත් එම සංවිධානය ව්‍යාප්ත කිරීමට උතුරේ කටයුතු කරණ පිරිස අතර මෙම තරුණ සංවිධානය සිටින බවටද ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබේ.