දිනසේන රතුගමගේ –
දෙමළ ජනතාව පාවා දෙමින් කටයුතු කරණ පිරිසත් දෙමළ පළාත්වල නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු විවිධ ජාවාරම් කරගෙන යන පුද්ගලයිනුත් දින දාහතරක් ඇතුළත එම ක්‍රියා නතර නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කරණ බවට අනතුරු අගවමින් දෙමළ ඊළාම් ජනතාවගේ පිපාසය” හෙවත් එන්.ජී.ටී.නැමති සංවිධානයක් යාපනයේ ප්‍රදේශ කීපයක 27 දා පෝස්ටර් අලවා තිබේ.
දෙමළ සංස්කෘතික ගති ලක්ෂණයන් විනාශ කරන පුද්ගලයින් ඇතුලු තවත් වැරදි සිදු කරණ පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දෙන බවත් එම පෝස්ටර්වල සදහන්වේ.
යාපනයේ ආරක්ෂක අංශ සඳහන් කළේ එම පෝස්ටර් අලවන ලද්දේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවයි.
ආරක්ෂක අංශ නිලධාරීන් යාපනයේ තැන් තැන්වල අලවා තිබූ එම පෝස්ටර් ඉවත් කොට තිබේ.