මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල මනම්පිටිය ප්රදේශයේ දී දෙබර ප්රහාරයකට ලක් වූ 67 වියැති මවක් අද (11) සවස මිය ගොස් ඇතැයි මනම්පිටිය පොලිසිය පවසයි.
ඇයගේ ලේලිය බරපතල තත්ත්වයෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ නැගෙනහිර මනම්පිටිය අංක 125, ලිපිනයේ පදිංචිව සිටි ටි. ලෙච්චමි නැමැති සිව්දරු මවකි.
දෙබර ප්රහාරයට ප්රහාරයට ලක් වූ මෙම මව සහ ඇයගේ ලේලිය ගම්වාසින් විසන් මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේය.
සිද්ධියෙන් බරපතළ දෙබර ප්රහාරයට ලක්ව සිටි මව මනම්පිටිය රෝහලේදී මියගොස් ඇති අතර ඇයගේ ලේලිය පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා තිබේ.
සිද්ධිය පිළිබඳ මනම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.