ලාංකේය සංස්කෘතික සම්ප්‍රදාය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී ඇති විවිධ මතවාද වලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව විසින් සම්පාදිත සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
2024 වර්ෂය සඳහා නැකැත් සීට්ටුව සකස් කිරීමට ප්‍රවීන ජෝතීර්වේදීන් 22 දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් එක් වූ බවත් මෙම නැකැත් ශාස්ත්‍රානුකූල බවට එකඟ වී අත්සන් කළ පුද්ගලයෙක් තවත් පුද්ගලයින් කණ්ඩායමක් සමග දුර්මත පතුරුවමින් මෙතෙක් පැවති සම්ප්‍රදාය අභියෝගයට ලක් කරන බවත් අමාත්‍යංශය කියයි.
එම නිවේදනය පහත දැක්වේ.