මිනිමැරුමක් සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්ව සිරගත කොට සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම ශ්‍රි ලංකාවේ නිතියේ ආධිපත්‍යයට අයහපත් අයුරින් බලපාන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් පවසයි.
“2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවකු බවට පත් කළ දුමින්ද සිල්වාගේ සමාව නීතියේ ආධිපත්‍යයට වල කපයි” යනුවෙන් ටෙප්ලිට්ස් ට්විටර් පනිවිඩයකින් ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම ඇය තම ට්විටර් පනිවිඩයෙන් අගය කොට ඇත.
“ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ සිරකරුවන් සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම අපි සාදරයෙන් පිළිගනිමු.වගවීම සහ යුක්තිය සඳහා සමාන ප්‍රවේශයක් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ ශ්‍රි ලංකාව තහවුරු කළ යුතු බවද” ඇය තම ටිව්ටර් පනිවිඩයෙන් සඳහන් කළාය.