භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැදිහත් වී ජනාධිපති සමාවෙන් නිදහස් කරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළිත් අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කර ඇත.
දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවේය.
අනතුරුව ඔහු යළි සිරභාරයට ගන්නා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එමෙන්ම ඊට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට නියෝග කළේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය පනවා තිබිණි.
කෙසේ වෙතත් මීට සති කීපයකට පෙර දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටුපලින් සිංගප්පූරුව බලා පිටත් වී ගිය බව කියැවිනි. ඔහු දැන් රට තුළ නැත.
මේ ලිපියත් කියවන්න…
දුමින්ද සිල්වා ට ජනාධිපති දුන් සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි!