අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමාත්‍යංශයක් හදා පටන් ගත් අලි අගල් කැපීම ආණ්ඩුව අත්හිටුවයි !

by Lankasara News
මැයි 31, 2022
in පුවත්
Wild Elephant
Share on FacebookShare on Twitter

අලි මිනිස් ගැටුම වළක්වාලීමේ අරමුණින් අමාත්‍යංශය විෂය පථයක් ලෙස ඇති කර ආරම්භ කළ අලි අගල් කැපීමේ කටයුත්ත මේ වනවිට රජය විසින් නවත්වනු ලැබ ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය හමවෙන අද දින දැනුම දෙනු ලැබ ඇත. නීතිපතිවරයා මේ බව අනාවරණය කළේ අද දින පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පවරන ලද නඩුවක් කැඳවන ලද අවස්ථාවේදීය.

වන ජීවීන්ගේ ජීවිත හානිවලට ඉඩසලසමින් මෙන්ම, පරිසර විනාශයක් ද සිදුකරමින් කරනු ලබන අක්‍රමවත් අලි-අගල් හෑරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය, හේමන්ත විතානගේ සහ දිලෙන පාත්‍රාගොඩ විසින් පවරන ලද නඩුව කරුණු තහවුරු කිරීම සඳහා අද දින (31) ප්‍රියන්ත ජයවර්ධන, ඒ . එල් . ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

1937 අංක 2 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂණ ආඥාපනත යටතේ ප්‍රකාශිත ආරක්‍ෂිත ප්‍රදේශයන් ද ඇතුළුව , කිසිදු වලංගු පදනමක් නොමැතිව හා විශේෂඥ නිර්දේශයන් ද ලබා නොගනිමින්. අලි-මිනිස් ගැටුම අවම කිරීමේ උපාය මාර්ගයක් ලෙස සඳහන් කරමින් ඉදිකරනු ලබන මෙම අගල් වලින් වන ජීවීන්ට, මිනිසුන්ට මෙන් ම පරිසරයට ද බලවත් හානි සිදුවිය හැකි බව මෙම නඩුවේදී පෙත්සම්කරුවන් විසින් පෙන්වාදී තිබිනි.

කෙසේ වෙතත් රජයේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ අදාල අලි – අගල් හැරීමේ කටයුතු රජය විසින් මේ වනවිටත් නවතා දමා ඇති බවයි. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය මගින් විමසා සිටියේ “අදාල අගල් කැනීම් කටයුතු මේවන විට නවත්වා තිබුණත් මේ වනතෙක් අගල් කැපීම හේතුවෙන් සිදුව ඇති පරිසර හානිය යථාවත් කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක් ද ?” යන්නයි. එමෙන්ම මෙම පෙත්සම මගින් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටින අනිකුත් සහනයන් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි දැනගැනීමට පෙත්සම්කරුවන්ට අවශ්‍ය බව ගරු අධිකරණයට දැනුම් දෙන ලදී.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එහිදී අධිකරණය නියෝග කලේ මේ පිළිබඳව පෙත්සම්කරුවන් මතුකරන ප්‍රශ්න සහ ඉල්ලා සිටින සහනයන් වෙන ම ලේඛණයක් ලෙස සකස්කර වනජීවී අමාත්‍යාංශයේ ලේකම්වරියට දැනුම්දෙන ලෙසයි. ඉන් අනතුරුව එම ලේකම්වරිය විසින්අලි-අගල් සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂ කමිටුවකට එම අදහස් හා යෝජනා ඉදිරිපත්කොට මෙම නඩුවේදී ඉල්ලා සිටින සහන සම්බන්ධයෙන් එම කමිටුව ගන්නා තීරණ මාස 02 ක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන ලෙසද නියෝග කළේය.

මෙම නඩුව 2022 ජූලි 29 වන දින නැවත කැඳවීමට තීරණය වූ අතර මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සමාධි හංසනී ප්‍රේමසිරි මෙනෙවියගේ උපදෙස් මත, ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සහ නීතිඥ සවන්ති පොන්නම්පෙරුම මෙනෙවිය සහ නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය පෙනී සිටින ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුමින්ද සිල්වා යළිත් අත්අඩංගුවට ගන්න… අධිකරණය සී.අයි.ඩී.යට නියෝග කරයි…

Next Post

රුසියාවෙන් අඩුවට තෙල් ලැබෙන බවට ඉම්රාන් කිව්ව බොරු මාට්ටුවෙයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.