දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇති බව දැනුම් දී ඇත.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ දුම්රිය රියදුරු වෘත්තිය සමිති අතර ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදු කළ ඵලදායී සාකච්ඡාවලින් අනතුරුව මෙම වර්ජනය නිමා කර තිබේ.
ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් මෙම වර්ජනය ආරම්භ කළේ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.
කෙසේ වෙතත් අද සවස දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවනු ඇති බවට වාර්තා වෙයි.
හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.









