දුම්රිය ගාස්තු සංශෝධනය යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා අද (28) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාස්තු සංශෝධන වාර්තාව අද පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තු විසින් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ලබා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු අද හෝ හෙට ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය මාධ්‍යයට නිකුත් කරනු ඇත.
ඉන්ධන ගාස්තු සංශෝධනය සැලකිල්ලට ගෙන ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා පමණක් සුළු අගයකින් දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළ බව ප්‍රවාහන ඇමති දිළුම් අමුණුගම මින් පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේය.