එළඹෙන ජුනි 30 වනදා ද බැංකු නිවාඩුවක් බවට පත් කර ජුනි 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මහබැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කළේ අද (25) අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
කෙසේ වෙත්ත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බව මහ බැංකු අධිපතිවරයා එම ප්‍රකාශය කරමින් සහතික වුනේය.