සමස්ථ රාජ්‍ය සේවයේ දීමනා සීමා කිරීමේ චක්‍රලේඛය සෞඛ්‍ය සේවයට අදාල නොවන බවත් එය සෞඛ්‍ය සේවාවට අදාල කර ගැනීම පිළිබදව වහාම සොයා බලා විසදුමක් ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් දුන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංසදය සඳහන් කරයි.
මේ වන විටත් ඇතැම් රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ අතිකාල ඇතුළු දීමනාවන් කප්පාදු කර ඇති බව සංසදයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.
දීමනාවන් කප්පාදු කළ සෞඛ්‍ය සේවකයින් සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත වීම තුළ රෝහල් පද්ධතියේ කඩා වැටීම නතර කළ නොහැකි බැවින් අතිකාල කප්පාදුව වහාම නතර කරන්නැයිද ඔහු ඉල්ලීමක් කලේය.