බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවියගෙන් බේරෙන්න යද්දි ගංවතුරට වැටිලා… මයිල ගහක එල්ලිලා දවස් දෙක්ක ඉඳලා… ජීවිත අභියෝග දරාගෙන ජීවත්වන හැටි මේ තාත්තගෙන් අහන්න…

by editor
ජනවාරි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

  • දර කඩන්න යද්දි  ඇඟට පැනපු දිවියාගෙන් බේරෙන්න යද්දි මහා ගංවතුරට වැටිලා කිිලෝ මීටර 9ක් පාවෙලා ගිහින්… දවස් 02ක් මයිල ගහක අත්තක එල්ලි  ඉඳලා… මයිල පොතු මයිල කරල් කාලා අත්ත උඩ ඉඳන්  ජීවිතය බේරගෙන… 

දර කැඩීමට ගිය පුද්ගලයෙකුගේ ඇඟට දිවියෙක් පැන තිබුණේය. බේරෙන්නට ගිය ඔහු පැටලුනේ තවත් මරණයකය.  දිවියාගෙන් බේරෙන්නට ගොස් ඔහු ගංවතුරට ඇද වැටුනේය.

මහා සැඩ ගංවතුරේ මරණයේ ගිලි ගිලී ජීවිතය දකිමින් ගසාගෙන යන ඔහු මයිල ගසක එල්ලුනේය. ජීවිත බලාපොරොත්තු අත් නොහැර මයිල ගසේ එල්ලී සිටි මේ අසීමිත ආත්ම විශ්වාසය සහිත මනුෂ්‍යයා ගම්මුන්ට හමුවන්නේ දින දෙකකට පසුවය. ඔහු එතෙක් දිවි රැකගෙන සිටියේය.

අපේ කාලයේ ඇසෙන මේ  බලාපොරොත්තු අත් නොහැර මරණය සමග සටන් කරමින් ජීවිතය දිනාගත් මේ මනුෂ්‍යගේ කතාව අපට ඇසනේනේ  දිඹුලාගල මනම්පිටිය   මාගංතොට ගම්මානයෙනි.

බේරාගෙන ගෙදර එක්ක එන අයුරු…

වාර්තාවන පරිදි කතාව මෙසේය.   

මනම්පිටිය මාගංතොට ගම්මානයේ පදිංචි 66 වියති කේ. ඩබ්ලිව්.රංජිත් පෙරේරා තාත්තා අවුරුද්ද උදා වූ  දා, ජනවාරි පළමු වෙනිදා උදේ  මාගන්තොට බැද්දට ගියේය.  ඒ අවුරුද්ද දවසේ දර ටිකක් එකතු කරගන්නටය.  දර හොයන්න ඔහු ගියේ තනියමය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

දර කඩන්නට ගිය සැමියා ගෙදර ආවේ නැත. ජනවාරි පළවෙනිදා හවස් වනවිටත් සැමියා නොපැමිණි නිසා මේ පිළිබඳ ඔහුගේ බිරිඳ වන ෆාතිමා උම්මා   මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. දින දෙකක් ගතවීත් සැමියා ගැන තොරතුරක් නැති නිසා ඇය බෙහෙවින්ම කම්පාවට පත් වූවාය. ඊයේ දිනය වනවිට ගෙදර මළගෙයකි.

රන්ජිත් තාත්තා නැත. හෝඩුවාවක් ද නැත.  දින දෙකකුත් ගෙවී ගිය තැන  මාගංතොට ගම්මානයේ, තරුණයන් ඇතුළු සීයකගෙන් යුත්  කණ්ඩායමක් රංජිත් තාත්තා ගැන තොරතුරක් හොයාගෙන ඔහු ගිය ඉසව්වේ කැලෑව පීරන්නට වූයේය.

මෙසේ හොයාගෙන යනවිට ගමේ ඇත්තන්ට පණිවිඩයක් ලැබිනි. ඒ රංජිත් තාත්තා මාගංතොට ප්‍රදේශයේ සිට කිලෝ මීටර 9ක් පමණ දුරකිින් පිහිටි  කරපොළ ප්‍රදේශයේ අඩි 12ක් පමණ උසැති මයිල ගහක සිටින බවය.  රන්ජිත් තාත්තා හොයමින් සිටි    කණ්ඩායම  මේ ආරංචිය සැලවූ වහාම  කරපොළ ප්‍රදේශයට ගියහ.  අමාරුවෙන් ගහෙන් බස්සාගෙන ඔහුව කර මත හිඳුවා  කිලෝ මීටර් දහයක් පමණ දුරක් කරේ තබාගෙන නිවසට ආහ. ඔහු සිටියේ විසඥ වන තරමටම දුර්වලය.  අවශ්‍ය ආහාර සහ උණුසුම් ලබා දීම සඳහා ගිනිමැලයක් සකසා දී තිබිණි.

දර කඩන්නට ගිය මනුස්සයා කරපොල ප්‍රදේශයේ  මයිල ගහක    මතින් හමුවූ කතාව ඔහු කියන්නේ ඉන් අනතුරුවය.

දරකඩන්නට මාගංතොට කැලෑවට ගිය රන්ජිත් තාත්තට  මුහුණ දෙන්නට සිදුවී තිබුණේ  බලාපොරොත්තු නැති  බිහිසුනු සිද්ධියකටය.   කැලෑවේ  සැඟවී ගොදුරු සොයමින් සිටි කුසගින්නෙන් පීඩිත දිවියෙක් දර සොයාගෙන ගිය  රංජිත් තාත්තාගේ ඇඟට පැන්නේය.  මහවැලිය පිටාරගලමින් හාත්පස යටවී ඇත.  මනම්පිටිය අවට දින ගණනක් තිස්සේ වටකරගත් මහා ජලකඳකි. හාත් පස  දෙගොඩතලා යන ගං වතුරය. දිවියාගෙන් බේරෙන්නට පසෙකට පැන දිවගිය තාත්තා පය පැකිලී මහා ගංවතුරට ඇද වැටුනේය.

එක සීරුවට ගලාගෙන යන චන්ඩ ජලයේ ගිලී නොගිලී දැන් තාත්තා ගංවතුරේ ගසාගෙන යන්නේය. ඔහු ජීවිතය  සම්බන්ධව වූ බලපොරොත්තු අත් නොහැර දියේ ඉපිලෙමින් ජල දහරාව ගලාගෙන යන අතට පාවී ගියේය.  බොහෝ දුරක් ගසාගෙන ඇවිත් තිබිණි. පොලිසිය කියන ආකාරයට ගසාගෙන පැමිණි දුර කිලෝ මීටර 9කි. මෙසේ ගංවතුරේ පාවී යන තාත්තාට  වතුරට යටවී   නැමී  තිබුණ දැවැන්ත මයිල ගහක අත්තක එල්ලෙන්ට හැකි විය. යන්තම් අත්තට ගොඩවුන මේ තාත්තාට දැන් පෙනෙන්නේ තමන්ගේ පා යටින් ගලාගෙන යන මහා ජලකඳය.

පැය ගණනක් දියේ ගසාගෙන පැමිණ දැන් ඉහවහා ගිය බඩගින්නය. එකම පිහිට මයිල ගස පමණි. තාත්තා  මයිල පොතු ගලවාගත්තේය.  අත පොවන මායිමේ ඇති මයිල කරල් කඩාගත්තේය.  කෑවේය. ඒ අතර අතරින් පතර මහා වැස්ස ඇද වැටෙන්නේය. සීතල හුළං හමා යන්නේය. පහලින් ජල කඳය. ඇස් පියවුනොත් ගසෙන් ඇද වැටෙන්නේය. ගසේ කඳ බදාගෙන වැතිරී ගසේ පොතු කමින් මහා සුළං වර්ෂාව සහිත රාත්‍රී දෙකක් පහන් කරමින් රන්ජිත් තාත්තා මයිල ගස උඩ සිටියේය.

ගම්මු විසින් ඔහු එන විට ගිනි මැලයක් ගසා තිබිණි.

දැන් ගම්වාසීන් ඔහුව සොයාගොස් ඔහුව මුදාගෙනය.

මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   රංජිත් පෙරේරා අතුරුදහන් වීම පිළිබඳව ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවත්, ඔහු මේ වන විට ගම්වාසින් විසින් සොයාගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත්ය.

බලාපොරොත්තු අත් නොහැර මිනිසෙකුට දරාගත හැකි ප්‍රමාණය පිළිබඳ අපි කොතෙකුත් අසා ඇත්තෙමු.  මනම්පිටියේ මාගංතොට ඩබ්ලිව්.රංජිත් පෙරේරා තාත්තා ඒ අතීත කතා යළි අලුත් කර ඇත්තේය. ඒ කතාව බලාපොරොත්තු අත්හැරි සමාජයකට ජීවිතය ගෙනන බැවින් එය යළි යළිත් කියැවීම සඳහා මෙසේ ලියා තබමු.

තවත්පු එකක් කිව යුතුව ඇත. මහත්වරුනි. මිනිස්සුන්ට අසීමිතව දරාගත හැකිය… ඒ දරාගැනීම සමග සෙල්ලම් නොකරන්න. ප්‍රතිඵල මරණීය විය හැකිය.  තව කෙනෙක් එක්ක මේ කතාව බෙදා ගන්න.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නරක් වූ බීජ අල ටොන් 21 යාපනයේ වළ දැමීමට එරෙහි විරෝධයක්! කිළිනොච්චි කලෑවකට ගෙන සේ විනාශ කරයි!

Next Post

පරපුරක් උකස් කර ණයට ගත්තු ඩොලර් වලින් කාපු කැවිල්ල… 2023 මාස 11ක් තුළ  ඩොලර් බිලියන 1.5ක කෑම ආනයනයට වියදම් කරලා…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.