ලබන බදාදා සිට දිවයිනපුරා සිටින ගර්භණී මවුවරුන් 275,000කට කෝවිඩ් එන්නත් ලබාදීම ආරම්භ කරන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.
නිර්නායකයන් කීපයක් යටතේ අවදානම් සහිත මවුවරුන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ද විශේෂඥවරයා කීවේය
මෙම වැඩසටහන 9 වැනි දා පෙරවරු 11ට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සහ කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේදී සිදු කිරීමට නියමිතය.
සිනොෆාම් එන්නත අත්හදා බැලීමක් වශයෙන් ගර්භනී මවුවරුන්ට ලබා දෙන්නට අදාල චක්‍ර ලේඛ නිකුත් කර ඇති බව වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත්තේ ගර්භණී මවුවරුන් සඳහා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හෝ ෆයිසර් එන්නත් ලබා දීම වඩාත් සුදුසු බවය.