අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවයිනේ සියලු ම පාසල් මාර්තු 15 විවෘත කිරීමට සූදානම්.

බස්නාහිර පළාතේ ආරම්භ කරන්නේ සෞඛ්‍ය නිර්දේශ ලැබීමෙන් අනතුරුව යි.- අධ්‍යාපන ඇමති

by editor
මාර්තු 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලබන සඳුදා එනම් 2021/03/15වන දින  දිවයිනේ සියලු ම පාසල් විවෘත කිරීමට සූදානම් බව ත් සෞඛ්‍ය නිර්දේශවලින් අනතුරු ව බස්නාහිර පළාතේ පාසල් ද විවෘත කෙරෙනු ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්  පැවසී ය. අමාත්‍යවරයා‍ මේ බැව් පැවසූයේ අද (08) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ දිවයිනේ සියලු ම පාසල් ආරම්භ කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරලා ඉවරයි. නමුත් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අපි ඉල්ලලා තිබෙන්නේ. සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයෙන් පසුව හැකි දින දෙකක් වැනි කාලයක් තුළ එම නිර්දේශ ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් විවෘත කිරීමට ත් අපි සූදානම්. මේ වනවිට ඒ සම්බන්ධ ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ අනුමැතිය අපි ඉල්ලා තිබෙනවා. දවස් 02ක් ඇතුළත එම තීරණය ලැබෙනු ඇතැයි අප පලාපොරොත්තු වෙනවා.“

“ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා. එය තව දින දෙකකින් එනම් මාර්තු 10වන දින අවසන් වෙනවා. මෙවර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 622000ක් මේ විභාගයට පෙනී සිටිනවා. ඉතා ම සාර්ථක ව අ.පො.ස උසස් පෙළ විභාගය, 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ත් මේ විදියට ම පවත්වා අවසන් කරන්නට අපට හැකි වුණා. මේ පිළිබඳ සෘනාත්මක සහ අසුබවාදී අදහස් ප්‍රකාශ කරන අයට අපි සවන් දුන්නා නම් මේ විභාගය පවත්වන්නට අපට හැකියාව ලැබෙන්නේ නැහැ. රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වුණු දේ සහ බලාපොරොත්තු වන දේ නිවැරදිව ඉටු කරන්නට අපි කැපවී සිටිනවා. “

“ විභාගය පවත්වාගෙන යන කාලය තුළ එනම් දවස් 09ක් ආසාධිත දරුවන් 56ක් පෙනී සිටියා. ඒ දරුවන් විශේෂ මධ්‍යස්ථාවවලට යොමු කරන්නට අපිට හැකි වුණා. එවැනි මධ්‍යස්ථාන 40ක් රට පුරා පිහිටුවලා තිබුණා. සෑම විභාග මධ්‍යස්ථානයක ම විශේෂ පන්ති කාමරයක් සූදානම් කරලත් තිබුණා. නිරෝධායනයට ලක්වුණු සිසුන් 321ක් විභාගයට පෙනී සිටියා. අපි රජයක් විදියට සහ අමාත්‍යංශය විදියට දුර දිග බලලා මේ සියල්ල ඉතා සාර්ථක ව සැලසුම් කළ බව කියන්නට කැමතියි. ප්‍රථම දවස් තුනේ උත්තර පත්‍ර ඇගයීමට දැනුත් සූදානමින් සිටින්නේ. මේ සියල්ල කරන්නේ විභාග ප්‍රතිඵල ‘ජුනි’ මාසයේ ලබා දීමට සහ අ.පො.ස උසස් පෙළ පන්ති ‘ජූලි’ මාසයේ අරම්භ කිරීමට“. යනුවෙන් ද පැවසී ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාත්‍යාන්තර කාන්තා දිනයේ දී මුලතිවු කාන්තාවෝ කළු ඇඳ මගට බසිති…

Next Post

කොවිඩ් රෝගියා දික්ඔයට මාරු කිරීමෙන් කුපිත වූ පිරිසක් මස්කෙලිය රෝහලට පහර දෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.