දිවයිනේ සියලුම ඉන්ධනහල්වල සාම්පල් පරීක්ෂාවක්…

දිවයිනේ සියළු ඉන්ධන පිරවුම්හල් වලින් අහඹු ලෙස සාම්පල ලබා ගෙන පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇතැයි  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  කීවේය.

ඉන්ධන ප්‍රමිතිය සම්බන්ධව චෝදනා එල්ල වීමත්,  ඉන්ධනවලට  ජලය හා භුමිතෙල් මිශ්‍ර කරන බවට ලද පැමිණිලිත් සලකා මෙම තීරණයට එළඹුන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර   මාධ්‍යයට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිසියම් ඉන්ධන හල් හිමියෙකු විසින් අදාල රෙගුලාසි කඩ කර ඇතැයි ඔප්පු වුවහොත් ඔහුගේ බලපත්‍රය අවලංගු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.


 

Exit mobile version