අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිලුම්ගේ දේශපාලන බැලයින්ට කොන්දක් සහිත විදුහල්පතිවරයෙක් දුන් උපදේශය…

by editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

21 දා පාසල් ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානම් වේ. ඇමතිවරුන්ගේ ගෝලයින් පැමිණ විදුහල්පතිවරුන්වත් නොදැන පාසල් සුද්ධ පවිත්‍ර කරති. අනතුරුව පාසල සුද්ධ කළ බව කියන්නට දුරකථන ඇමතුම් දෙති.

ප්‍රාදේශීය දේශපාලකයන් විදුහල්පතිවරුන්ගෙන් පාසල් විවෘත කිරීම සඳහා යතුරු ලබා ගැනීමට සූදානම්ය. මස් රාත්තලම ඉල්ලමින් යන ගුරු වර්ජනය පිළිබඳ වෙනම සංවාදයක් ඇති කළ යුතු බව සැබෑය. එහෙත් මේ අප ඉදිරියේ ඇත්තේ වගකිවයුතු ආණ්ඩුවක් සිහිනයෙන්වත් කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි නොම්බර එකේ මුග්ධකම්කම් රාශියකි.

ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරී පිරිස් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්නැයි  රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.

වියත්මගේ නිඝන්ඨයන් මේ මොහොතේ කොතැනක වෙත්දැයි නොදනිමු. රටක ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීම මේ තරම් සිල්ලර යැයි   වැස්සකටවත් පාසල් ගිය එකෙක්  කල්පනා කරනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ආණ්ඩුව කුජීත කරන්නේ මේ ජාතියේ මර්මස්ථානයන්ය. කෘෂිකර්මය විෂයෙහි කිසිම විද්වතෙකුගේ මතකයට ඉඩ නොදී   පෙන්වූ මුග්ධ උද්ච්ඡකම මේ මොහොතේ රටට  කර  ඇති විනාශයේ ප්‍රමාණය  පෙනෙමින් ඇත. ප්‍රතිඵල එන්නේ ලබන කන්නයේ ය. මහින්දානන්ද තවමත් ඔහු ගෙන්වූ රසායනික පොහොර කාබනික යැයි කියමින් සිටී. ඒ විනාශ කළේ රටේ බත් පතය.

දැන් මේ දේශපාලකයන් බෝම්බය ගසන්නට හදන්නේ මේ රටේ අධ්‍යාපනයේ පදනමටය. දින අනූවක වෘත්තීය අරගලයක් නැවැත්වීම සඳහා අධ්‍යාපනය විනාශ කරන්නේය. මහදැනමුත්තා හිටියේ මීට වඩා ගවු ගණනක් ඉදිරියෙනි.

එවැනි පසුබිමක මේ අශීලාචාර ගොබ්බ දේශපාලනයට කම්මුල් පහරක් එල්ල කල පෞරුෂවත් විදුහල්පතිවරයෙක් ගැන සමාජ මාධ්‍යය තුළ ඇසෙමින් ඇත.

ඔහු මහනුවර රාසිංදෙවි විදුහලේ විදුහල්පතිවරයා ය. නම අ.මු.තු බණ්ඩාරය. ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකි. දිලුම් අමුණුගමගේ දේශපාලන බැලයින් පිරිසක්ට ඔහු දිලුම් අමුණුගමටත් දැනෙන්නට ලබා දුන් පිළිතුර පහත හඩ පටයේ දැක්වේ.

තේරුම් ගත යුත්තක් ඇත. මේ අප කතා කරන්නේ අගතිගාමී ලෙස දිග් ගැස්සෙන වර්ජිත ගුරු විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නය නොවේ. මේ රටේ කුජීත කරන පාදඩ දේශපාලනයේ අශික්ෂිතකම ප්‍රශ්න කරන රාජ්‍ය නිලධාරීයෙකුගේ පෞරුෂය ගැනය.

රටක් ගොඩ නැගීමට අවශ්‍ය තමන්ගේ වාසියට බත්බැලකම් කරන කොඳු බිඳගත් පණ්ඩකයින් නොවන බව යළිත් මේ රටට කියන්නට අවශ්‍ය වී ඇත. අ.මු.තු බණ්ඩාර එය අපූරුවට කියා ඇත. දැන් අප බලා සිටින්නේ දිලුම් අමුණුගමගේ ප්‍රතිචාරය දෙසය.

 

Lankasara · WhatsApp Audio 2021 – 10 – 17 At 18.53.17
Tags: නවතම
Share69Tweet43
Previous Post

21 වැනිදා පාසලට නාවොත් උස්සනවා – බණ්ඩාරගම ගුරුවරුන්ට අංක තුනකින් ඇමතුම්

Next Post

2021 ලෝක කුසලානයේ පළමු තරග ජයග්‍රහණය ඕමානය ට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.