බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘දියසෙන්’ ඇමති විමල් හමුවෙයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt Ltd) ප්‍රධාන විධායක නිලධාරී චමීර ප්‍රසාද් ජයසිංහ මහතා ඇතුළු ඔහුගේ එම විස්මිත නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම අද (13) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘කර්මාන්තකරුවන්ගේ දිනයේ දී’ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

මේ පිරිස අමාත්‍යවරයා හමු වූයේ සිය ‘දියසෙන් රොබෝවරයා’ ද සමගිනි. එහි ක්‍රියාකාරීත්වය විමසා බැලූ අමාත්‍යවරයා එම රොබෝ යන්ත්‍රයට දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට ගත හැකි සියලු පියවර ගන්නා බව පැවසීය. එසේම එම නව නිර්මාණකරුට ඒ මොහොතේදීම ආයෝජකයකු සම්බන්ධ කර දීමට පියවර ගත් අමාත්‍යවරයා රාජ්‍ය බැංකුවක් සම්බන්ධ කර දෙමින් ඔවුනට තම රොබෝ යන්ත්‍රය වෙළඳපොළට හඳුන්වා දීමට මූල්‍ය පහසුකම් සපයා ගැනීමට පහසුකම් සලසා දෙනු ලැබීය.

‘අධි යාන්ත්‍රික දුරස්ථ පාලකයක්’

දුරකථනයෙන් විදුලි උපාංග කිහිපයක් එකවිට ක්ෂණිකව පාලනය කළ හැකි අධි යාන්ත්‍රික දුරස්ථ පාලකයක් (Duplex Device) නිපද වූ පාදුක්ක පදිංචි නිලන්ත ගුණසිංහ මහතා ද සිය නව නිර්මාණය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට හඳුන්වා දීම ද අද කර්මාන්තකරුවන්ගේ දිනයේ දී සිදුවිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිය අධියාන්ත්‍රික දුරස්ථ පාලකය මගින් ඕනෑම ක්ෂේත්‍රයක යන්ත්‍රයක්, ඕනෑම දුරකථනයක් ආධාරයෙන් පමණක් දුරස්ථව පාලනය කළ හැකි බව මෙහි දී අදහස් දැක්වූ නිලන්ත ගුණසිංහ මහතා සඳහන් කළේය.

දුම්රිය ආරක්ෂක දොරටු පාලනයට ධීවර කර්මාන්ත පොකුණුවල ජල සැපයුම් ක්‍රියාවලිය පාලනය සංචාරක හෝටල් කර්මාන්තය සඳහා කෘෂිකාර්මික වගා බිම් සඳහා වන ජල සැපයුම් පාලනයට, වන අලි උවදුරු ඇති ප්‍රදේශවල විදුලි රැහැන් පාලනයට මෙන්ම නිවෙස් ආරක්ෂණ පිළියමක් ලෙස ද තම අධියාන්ත්‍රක දුරස්ථ පාලකය යොදා ගත හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉහත නව නිපැයුම සඳහා වෙළඳපොළ නිර්මාණය කර දීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස මෙම අවස්ථාවට එක්ව සිටි නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

ප්ලාස්ටික් යෝගට් හැන්දට ආදේශකයක් ලෙස දැව යෝගට් හැන්දක් වෙළඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටි එහි නිපැයුම්කාරිනී නිලූකා මුතුතන්ත්‍රී මහත්මියට ද අදාළ නිලධාරීන්ට යොමු කර අවශ්‍ය සහයෝගය ලබා දීමට ඇමතිවරයා පියවර ගනු ලැබීය.

එසේ නව නිපැයුම්කරුවන් මෙන්ම කර්මාන්තකරුවන් විශාල පිරිසක් ද අද කර්මාන්ත අමාත්‍යවරයා හමුවූයේ සිය ගැටලු, දුෂ්කරතාවලට පිළියම් බලාපොරොත්තුවෙනි. ඔවුනට ද සවන් දෙමින් අදාළ අවශ්‍යතා සපුරා දීමට අමාත්‍යවරයා මැදිහත් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාතර බන්ධනාගාරය ඇතුළෙන් ඉහළ අහසට වෙඩි වැලක්

Next Post

මහනුවර දුනුමඩලාව රක්ෂිතයේ මහ රෑට ගස් පෙරළෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.