නුගේගොඩ කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලටය මාරුවක් ලැබී තිබේ.
පසුගියදා සිය දියණිය පදවාගෙන ගිය සුඛෝපභෝගී ජීප් රථයක් කොළඹ 07 පිහිටි මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට කඩා වැදීමේ වූ අනතුරින් පසුව රත්නායක මහතාට මෙම ස්ථාන මාරුව ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
නුගේගොඩ කොට්ඨාසය භාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස නුවන් අසංක මහතා මේ වනවිට පත් කර ඇති බව වාර්තා වේ.








ප්ලීස් පොලිස්පති ඔච්චර දරුනු දඩුවම් දෙන්න එපා..😂😂
කොහෙට එව්වත් මධ්‍යම පලාතටනම් එවන්න එපා.අපිට හිතේ බයක් නැතුව පාරෙ බැහැලා යන්ට ඕනෙ.අන්තිමට නඩුත් නෑ ඕං.. මේක ලංකාවනේ 😂😂😂