බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින 12ක් ඩීසල් නැවක් ප්‍රමාද වුනොත් රටේ බලශක්ති ජනනය ඉවරයි! ජාතික විගණනයකින් හෙළි වෙයි…

නැවක් නාවොත් හොම්බෙන් යන රටක බය හිතෙන කතාව...

by editor
අගෝස්තු 23, 2021
in පුවත්
storage
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

දැනට රට තුළ පවතින ඉන්ධන  ගබඩා පහසුකම්  ඉතා අවම මට්ටමක පවතින බව සහ  එය රටේ අඛණ්ඩ බලශක්ති සැපයුමට අහිතකර ලෙස  බලපා හැකි බවට ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ලංකා ඛනිජතෙල් තොග  ගබඩා  පර්යන්ත සමාගමට අයත්  කොළොන්නාව හා මුතුරාජවෙල පිහිටි  ප්‍රධාන ඉන්ධන ගබඩා ඇතුළුව  දිවයින පුරා තොග ගබඩා 14ක් ඉන්ධන ගබඩා කරගැනිමේ කටයුතු  හා නිකුත් කිරිමේ කටයුතු සිදුකෙරේ. 

මෙකී ගබඩාවල ඉන්ධන ගබඩාකළ හැකි ධාරිතාවය  කිලෝ ලිටර් 465,659කි. මින් කොළොන්නාව හා මුතුරාජවෙල පිහිටි ප්‍රධාන පර්යන්ත දෙක තුළ සමස්ත ගබඩා ධාරිතාවයෙන්  සියයට 86කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වේ.

දැනට ඇති ඉන්ධන  ගබඩා  පුර්ණව උපයෝජනය කළ විට  වුවද  ඩිසල් සඳහා දින 27ක්, පෙට්‍රල් සදහා දින 24ක්, භුමිතෙල් සදහා දින 29ක් හා  ගුවන් යානා ඉන්ධන සඳහා දින 40ක  අවශ්‍යතාවයක්  බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම තත්වයද උපරිම වශයෙන්  භාවිතය සඳහා ආනයනය කරනු ලබන අවස්ථාවේ දි  සියලුම ටැංකි පුර්ණ වශයෙන් පුරවා  තැබිය යුතුය. මෙවැනි තත්වයක් ප්‍රායෝගිකව දැකිය නොහැකි බවද විගණන වාර්තවේ සඳහන් වේ. 

හදිසි අවශ්‍යතාවයකදි  භාවිතය සඳහා රටතුළ පවතින  ඉන්ධන ප්‍රමාණය  සාපේක්ෂව ඉතා කෙටිකාලයකට  රටේ අවශ්‍යතාවය සඳහා පමණක්  බවට නිරික්ෂණය  වු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  

දෛනික ඉන්ධන ඉල්ලුම ක්‍රමිකව වැඩිවන බවට නිරික්ෂණය කොට ඇත.  2026 වර්ෂය වනවිට රට තුළ දැනට භාවිතයේ පවතින ඉන්ධන ගබඩා ප්‍රමාණය  වෙනස්නොවි පැවතියහොත්  ඉන්ධන ගබඩා ප්‍රමාණවත් වනුයේ  ඩීසල් සදහා දින 21ක්, පෙට්‍රල් සඳහා දින 21ක් ගුවන් යානා ඉන්ධන සඳහා දින 27ක් සහ භුමිතෙල් සදහා දින 23ක් පමණක් බවද විගණන වාර්තවේ සදහන් වේ.

2018 වර්ෂය පාදක වර්ෂය සලකා බැලිමේ දි  2019 වර්ෂයේ නැවක් පැමිණෙන අවස්ථාවේ දි  පවතින ඩිසල්වල සාමාන්‍ය තොගය  දින 18කට සිමා වි තිබුණි. එහි අවම තත්වයකදි  තව දින 12 ක කාලයක් නැවක් ප්‍රමාද වි නම් රටතුළ  සමස්ත ඩිසල්  සැපයුම  බිද වැටෙනු ඇති බවද විගණනය  මගින් අනාවරනය කොට ඇත. 

දෛනික ඉන්ධන ඉල්ලුම ක්‍රමිකව වැඩිවෙමින් පවතින අතර  එයට සාපේක්ෂව ගබඩා ධාරිතාවය වැඩි නොකළහොත්  ඇස්තමේන්තු කොට ඇති සාමාන්‍ය  ඉල්ලුම පදනම්ව 2026 වර්ෂය වන විට  ඩිසල් නැවක් පැමිණෙන විට  පවතින තොගය ප්‍රමාණවත් වනුයේ දින 14කට පමණි. මෙහි අවම තත්වය සැලකිමේ දි  එය ප්‍රමාණවත් වනුයේ දින 09කට පමණි. ඒ අනුව ඩිසල් නැවක් ප්‍රමාද වුවහොත්   රටතුළ පවතින ඩිසල් තොග  දින 09කින් පුර්ණ  වශයෙන්  අවසන් වන බව නිරික්ෂණය වන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

එමෙන්ම පෙට්‍රල් සදහාද දැනට පවතින  ගබඩා ධාරිතාවය වැඩි නොකළහොත්   පුරෝකථනය කළ තොරතුරු පදනම්ව  2026 වර්ෂය වනවිට   පෙට්‍රල් නැවක් පැමිණෙන අවස්ථාවේ දි  පවතින පෙට්‍රල් තොගය ප්‍රමාණවත් වනුයේ  දින 11කට බව විගණන වාර්තවේ සදහන් වේ. අවම තත්වය හා සැලකිමේ දි  එය ප්‍රමාණවත් වනුයේ දින  06කට  පමණි. මෙකි පුරෝකථනයන්ට අනුව2026 වර්ෂය වනවිට  නැවක් පැමිණෙන අවස්ථාවේ දි පවතින  ගුවන් යානා තෙල් හා    භුමිතෙල්  තොගය ප්‍රමාණවත් වනුයේ  දින 10ක රටේ අවශ්‍යතාවය සඳහා පමණක් බවද විගණනය මගින් නිරික්ෂණය කොට  ඇත. අවම  තත්වය සැලකිමේ දි  එය ප්‍රමාණවත් වනුයේ දින 05ක් සදහා පමණි.

ඉහත තොරතුරු අනුව   රට තුළ ප්‍රධාන  ඛනිජතෙල්  නිෂ්පාදනය සඳහා ඇති ගබඩා ධාරිතාවය  රටේ ඉන්ධන ඉල්ලුම සමග සැසදිමේ දි  අතිශය අවදානම් තත්වයක පවතින බව නිරික්ෂණය වන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

තෙල් නැවක් ප්‍රමාදවිම හෝ  ප්‍රමාණවත් කාලයක් සදහා තෙල් ගබඩා කිරිමට අවශ්‍ය පහසුකම්  රටතුළ නොමැතිවිම නිසා  රටේම ආර්ථික  ක්‍රියාකාරිත්වය හා  ඇනහිටිමට හා සාමාන්‍ය ජනජිවිත  බිදවැටිමට හේතුවිය හැකි බවටද විගණන වාර්තාව මගින්  ලබාදි ඇති නිරික්ෂණවල සදහන් වේ. 

දැනට පවතින තෙල් ටැංකි ද කාලීනව නඩත්තු කළ යුතුවේ. ඇතැම් අවස්ථාවලදී කාර්මික  හා  වෙනත් දෝෂ හේතුවෙන්  යම්  ඉන්ධන ටැංකි සංඛ්‍යාවක් භාවිතාකළ නොහැකි අවස්ථාද  නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව යම්කිසි ඉන්ධන ටැංකි ප්‍රමාණයක් භාවිතා කිරිමට  නොහැකි තත්වයක් ඇතිවුවහොත්  එය සමස්ත රටේ තෙල් සැපයුමට  ඉතා අහිතකර ලෙස බලපා හැකි බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ප්‍රමාද ගාස්තු –

එමෙන්ම  මෙට්‍රික් ටොන් 40000ක ධාරිතාවයකින් යුතු  ඛනිජ තෙල් නැවක් ගොඩබැම සදහා  අදාළ නැව සමග  එකඟවන කාලසිමාව  පැය 96කි. එහෙත් නල පද්ධතියේ හා ගබඩා පද්ධතියේ දුර්වලතා හේතුවෙන්  වාර්තමානයේ තෙල් නැව් වලින්  තෙල් ගොඩබැමේ කාලසිමාව  පැය 120  168ක් පමණ ගතවේ. මෙම තත්වය නිසා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට ඒ වෙනුවෙන් වු ප්‍රමාද ගාස්තු ගෙවිමට සිදුවි ඇත. ඉකුත් වර්ෂ 05ට අදාලව  ප්‍රමාද ගාස්තුව රුපියල් මිලියන  488ක් වි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

රටේ අනාගත  ඉන්ධන අවශ්‍යතාවය පිළිබඳ  විධිමත් අධ්‍යයනයක් සිදුකර එම අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට  ඉන්ධන ගබඩාධාරිතාවය  ඉහළ නැංවිය යුතු බවට මෙම විගණනය මගින්  නිර්දේශකොට ඇත. 

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටා ඇති  ඉන්ධන ගබඩා සංකිරණය   නෛතික නිරවුල්භාවයකින් යුතුව  අවශ්‍ය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට  ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. 

ත්‍රිකුණාමලය ආශ්‍රිතව පිහිටා ඇති  තෙල් ටැංකි සංකිරණය  රටේ ඛනිජතෙල් සම්පාදන ක්‍රියාවලියට පහසුවෙන්  උපයෝගි කරගත හැකිය. එහෙත් මේ දක්වා මෙකි තෙල් ටැංකි සංකිරණය  සක්‍රිය ලෙස උපයෝජනය කරගැනීමට  මේ දක්වා අපොහොසත් වි ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාබනික අභියෝගය හිස් මුදුනෙන් ගත්තු රාජාංගනයේ ගොවි මහත්තයා…

Next Post

මුට්ටි ගඟට දැමූ ඇමති කට්ටියට ඇමති ඩලස්ගෙන් ‘ෂොට් එකක්’

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.