නව දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ප්‍රංශ සංචාරක පිරිස අද දහවල් මහනුවර දුම්රිය ස්ථානය අසල දී මහත් හරසරින් පිළිගනු ලැබුවේය.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවල සංචාරය කරමින් අවසාන රාජධානියේ අද්දැකීම් ලබා ගැනීමට මෙම පිරිස බලාපොරොත්තු වන බව ද අද අළුයම දිවයිනට පැමිණි මෙම පිරිස ගම්පහ දුම්රිය ස්ථානයෙන් කොළඹ බදුල්ල උඩරට මැණිකේ දුම්රිය ට ගොඩ වී මහනුවර දුම්රිය පොළන් මහනුවරට පැමිණි බව මහනුවර නගරාධිපති කේසර සේනානායක කියා සිටියේය .
මෙම පිරිස ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවලින් මහනුවර නගරය ඔස්සේ මහනුවර නගරය පුරා සංචාරය කොට නවාතැන් පොළවල් වෙත ගෙනගොස් රඳවන බව මහනුවර හෝටල් සංගමය සභාපති රොඩ්නි මැස්ටරෝන් පැවසීය.
මෙම ප්‍රංශ සංචාරක කණ්ඩායමට 280 ක පිරිසකින් සමන්විත වන අතර ඒ අතරින් වැඩි පිරිසක් කාන්තාවන් වීම විශේෂත්වයකි.
මොවුහු ශ්‍රී දළදා මාලිගාව ඇතුළු මහනුවර නගරයේ ඓතිහාසික ස්ථාන වික්ටෝරියා ජලාශය පහල කඩුගන්නාව රිදීගම ඇතුළු සුවිශේෂී ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතය.