සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිට්වා හානි අවම කර ගැනීමට නොහැකි වීම ගැන ජනපතිට, අමාත්‍ය මණ්ඩලයට සහ රාජ්‍ය බලධාරීන්ට එරෙහිව නීතීඥයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

by editor
දෙසැම්බර් 31, 2025
in පුවත්
ඡායාරූපය - අකිල ජයවර්ධන

ඡායාරූපය - අකිල ජයවර්ධන

Share on FacebookShare on Twitter

කාලගුණික තත්ත්වය පිළිබඳව පූර්ව දැනුම්දීමක් කර තිබියදීත්, ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය බලධාරීන් කිහිප දෙනෙකු ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම අවම කිරීම සඳහා කාලෝචිත  පියවර ගැනීමට අපොහොසත් වීම මඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින්  මහනුවර පදිංචි නීතිඥයෙක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියා මාර්ග සහ අතපසුවීම් උපුටා දක්වමින් නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන ජනාධිපතිවරයාට, අමාත්‍ය මණ්ඩලයට, ආපදා කළමනාකරණ ජාතික කවුන්සිලයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබේ.

ජනාධිපතිවරයා සිය නිල බලයෙන් කටයුතු කරමින් සිටියදී පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියට අනුව චෝදනා එල්ල කර ඇති මෙම පෙත්සම මඟින් එහි පළමු වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා  නම් කර ඇත.

පෙත්සම්කරු තම පෙත්සමේ සඳහන් කරන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත්, ඔහුද  වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති බවත්ය. අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ද පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

මෙම පෙත්සම්කාර  නිතිඥවරයාගේ වෘත්තීය කාර්යාලය  මහනුවර අධිකරණ සංකීර්ණයට ආසන්නයේ ඇති මහනුවර නීතීඥ සංකීර්ණයේ පිහිටා ඇති බවත්, සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් ඔහුගේ කාර්යාලයට සම්පූර්ණයෙන්ම හානි සිදුවී ඇති බවත් සිය පෙත්සම මඟින් ප්‍රකාශ කර ඇත.  ඔහුගේ වෘත්තීය රාජකාරි ඉටු කිරීම සඳහා අගනා දෙයක් ලෙස ඔහු විස්තර කරන ඔහුගේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත සමුදායම එයින් අහිමි වී ඇති බවත් ඔහු තවදුරටත් පවසයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ආපදා සූදානම සහ කළමනාකරණය සම්බන්ධයෙන් පෙත්සම වගඋත්තරකරුවන්ගේ  ව්‍යවස්ථාපිත  වගකීම් සහ කාර්යයන් උල්ලංඝනය කර ඇති  බවටද චෝදනා කර තිබේ.

ආපදා තත්ත්වයක්  ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගේ නොසැලකිලීමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුන් පෙර සූදානමින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.

විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොල, ගලහ, පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු මෙමගින් සඳහන් කර ඇත.

ගලහ, පේරාදෙණිය සහ මහනුවර ඇතුළු බලපෑමට ලක් වූ ජල ගැලීම හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපළවලට, විශේෂයෙන් මහනුවර අධිකරණ සංකීර්ණයට සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට දැඩි හානියක් සිදු වූ බව පෙත්සම්කරු පවසයි. මෙම තත්ත්වය පරිමාණයෙන් සහ බලපෑමෙන් පෙර නොවූ විරූ එකක් බව ඔහු විස්තර කරයි.

වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ විනාශය උත්සන්න වූ බවත් ඔහු චෝදනා සිය පෙත්සම මගින් චෝදනා කර ඇත.

ඒ අනුව වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජබ සහ එජාප එක්වන ලකුණු පල කරමින් සජිත් එජාප නායකයින් හමුවෙයි!

Next Post

කොළඹ මහ නගර සභාවේ පසුගිය දූෂණ වංචා හොයන්න ජනපති විශේෂ පරික්ෂණ කොමිසමක් පත් කරයි… ගැසට් එක මෙන්න…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.