සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ මහ නගර සභාවේ පසුගිය දූෂණ වංචා හොයන්න ජනපති විශේෂ පරික්ෂණ කොමිසමක් පත් කරයි… ගැසට් එක මෙන්න…

by editor
දෙසැම්බර් 31, 2025
in පුවත්
colombo-municipal-council
Share on FacebookShare on Twitter

වර්ෂ 2010 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ  කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇති   දුෂණ, වංචා සහ අපරාධ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව  හිටපු මහාධිකරණ විනිසුරු  නීතීඥ පියසේන රණසිංහ , ශ්‍රි ලංකා ගණකාධිකාරී සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙක් වූ  ඊ. ආර්. එම්.එස්.එච්. ඒකනායක  හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඩී. එස්. වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින්  මෙම පර්යේෂණ කොමිසමට පත් කර තිබේ.

කොළඹ මහ නගර සභාව තුළ සිදුව ඇති දූෂණ සහ වංචා ක්‍රියා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී ව්‍යපහරණය, රැවටීම,    රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත් කිරීම්, නීති විරෝධී සැලසුම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කිරීම්, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා, නිසි කාර්යය පටිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු, සම්බන්ධව  විමර්ශනයට මෙම කොමිසමට බලය පැවරී ඇත.

එමෙන්ම  සමථ කිරීම් හා බේරුම් කිරීම සහ එකී වරදවල් සහ වැරදි ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම් වලට රාජ්‍ය ආදායමට බරපතල අලාභ හෝ හානි සිදු වීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයන් වශයෙන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් සේවයේ නිරතව සිටි හෝ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට සහ සේවා සහ සැපයීම් සිදු කරන පුද්ගලයන්ට සහ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන හෝ පුද්ගලයන්ට එරෙහි බරපතල චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම හා ලබා ගැනීමට කොමිසමට බලය ලබා දී ඇත.

විමර්ශන කාර්යය  සිදු කරගෙන යාමේ දී ඉහත 2010 – 2025  කාල සීමාවෙන් ආවරණය නොවන හෝ ඉහත සඳහන් ක්‍රියා වලට පරිබාහිර එහෙත් පරීක්ෂණ කොමිෂන් සභාවට බරපතල ස්වභාවයේ බවට හැඟී යන වරදක් හෝ වැරදි සම්බන්ධයෙන් මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීමට ද කොමිෂන් සභාවට ඉඩ කඩ සලසා දී ඇත.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

පසුගිය දශක ගණනාවක් පුරා කොළඹ මහ නගර සභාවට අයත් ඉඩම්, ගොඩනැගිලි ඇතුළු සියලු දේපළ සම්බන්ධයෙන් ද නගර සභාව මගින් සිදු කරන සැපයුම්, සේවා, ව්‍යාපෘති සහ විවිධ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද සිදු වී ඇතැයි කියනු ලබන දුෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී ව්‍යපහරණය, රැවටීම, බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට නිලධාරීන්ට, සේවා සපයන්නන්ට   එරෙහිව පැමිණිලි සහ චෝදනා විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති හෙයින්  මෙම පරීක්ෂණ කොමින් සභාව පත් කර ඇතැයි කොමිෂන් සභාව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිට්වා හානි අවම කර ගැනීමට නොහැකි වීම ගැන ජනපතිට, අමාත්‍ය මණ්ඩලයට සහ රාජ්‍ය බලධාරීන්ට එරෙහිව නීතීඥයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

Next Post

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටි රජවත්තේ චතුවාට කළුතර නාගොඩ රෝහලේ දී නාඳුනන තුවක්කු කරුවෙක් වෙඩි තබයි…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.