ලබන්නා වූ 2022 වසර දිගු සති අන්ත ගණනාවක් සහිත වසරක් බව එම කැලැන්ඩරය තහවුරු කරයි. ඒ අනුව සිකුරාදා දිනයන්හි සහ ඉරිදා නිවාඩුවක් ලැබුණ විට එය වෙනුවට සඳුදා නිවාඩු දිනයක් සේ ප්‍රකාශ ඉරිදාවන්හි රජයේ නිවාඩු දින හතක් වැටී ඇත.
ජනවාරි, අප්‍රේල්, මැයි සහ නොවැම්බර් පුර පසළොස්වක පොහොය නිවාඩු සිකුරාදා හෝ සඳුදා දිනට යෙදී ඇති අතර, තෛපොංගල්, නිදහස් දිනය සහ දීපවාලි ද සිකුරාදා හෝ සඳුදා දිනට යෙදී ඇත.
සිංහල අලුත් අවුරුද්ද, පොහොය සහ මහ සිකුරාදා එකින් එක යෙදී ඇති බැවින් අප්‍රේල් මාසයේ දින පහක දීර්ඝ සති අන්තයක් ඇත.
සැප්තැම්බර් සහ ඔක්තෝබර් පෝය නිවාඩු, මැයි දිනය, හජ්, සහ නත්තල් දිනය ඉරිදාට යෙදී තිබුණි. ඊළඟ සඳුදා නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීමේ සාමාන්‍ය පුරුද්ද ක්‍රියාත්මක කරන්නේ නම් තවත් දිගු සති අන්ත තිබේ.
සිකුරාදා සහ සඳුදා නිවාඩු දැමීමෙන් තවත් දීර්ඝ සති අන්ත ලබා ගත හැකි අවස්ථා තිබේ. ඒ සමහර රජයේ නිවාඩු දින අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල යෙදී ඇති බැවිනි.
අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා රජයේ නිවාඩු දින වැටෙන සෑම විටම ශ්‍රී ලාංකික වැඩ කරන පිරිස සඳුදා සහ සිකුරාදා නිවාඩු ලබා ගන්නා බව දන්නා කරුණකි.