ගල්කිරියාගම අවට සැරිසරන ඇස් දෙකම අන්ධ වූ ඒකදන්ත ඇතා ගේ ජීවිතය මරණීය අනතුරක බව වාර්තා වේ.
දෑස් නොපෙනීම නිසා ලැබෙන සංවේදන අනුව හැසිරෙන මෙම ඇතා මිනිස්සුන්ගේ වෙඩි පහරට නිරන්තරව ගොදුරු වීම නිසා බරපතල තුවාල සහිතව හැසිරෙන බව පැවසේ.
මෙම හස්ථියා දැනට ජාතික නාමල් උයන ආශ්‍රිතව හැසිරෙන බවද ජාතික නාමල් උයන අධිපති වනවාසී රාහුල හිමියෝ පවසති.
බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ නම් මේ සත්වයා අකාලයේ මිය යෑමේ දැඩි අවදානමක් ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙති.