පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දැනට දැදුරුඔයේ වාන් දොරටු 8ම විවෘතකර ඇති අතර මේ වන විට ඝන අඩි 28000ක ජල ප්‍රමාණයක් මුදා හරිමින් පවතී.
කොබෙයිගනේ ඇඹලයාගම,රස්නායකපුර පොලොන්තලාව,නිකවැරටිය දණ්ඩුවාව,57 ඇල්ල මාර්ගය යන ප්‍රදේශවල අවදානම් තත්වයක් මතුවිය හැකි බව පූර්ව දැනුම්දීමක් සිදුකෙරේ.
නමුත් මේ වන විටත් කිසිදු අවදානම ක් නොතකා බොහෝ පිරිස් දැදුරු අවට රැස්ව සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට කුරුණෑගල අනුරාධපුර 57 ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇති අතර ,සියලුම ප්‍රවාහන කටයුතු සිදු වන්නේ නිකවැරටිය හරහාය. මේ වන විට එම මාර්ගයේ දැඩි වාහන තද බදයක් පවතී..